මම කලාවට ආවේ අවුරුදු 4 දි පුංචි පැංචි වැඩ සටහන හරහා – යොහානි
ළමා රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රය තුළට ආපු ඇය යොහානි හෙට්ටිආරච්චි. ඇය මේ වන විට කලා ක්ශේෂ්ත්‍රයට ඇවිත් වසර ගණනාවක් වුණත් ඇයව බොහෝදෙනා දැන ගන්නේ හිරු නාලිකාවේ විකාශය වන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ සකුනි විදියටයි. ඉතින් යොහානි මේ වන විට පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබනවා.

ඉතින් ලග එන අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙන යොහානි පවුලත් එක්කම ඔවුන්ගේ ගම මාතරට යනවා. ඉතින් එහේදි අවුරුද්ද සමරන්න රස රස කෑම කන්න තමයි යොහානි ගොඩක්ම කැමති. ඉතින් ඇය මේ දිනවල වැඩි කලා නිර්මාණ භාර නොගත්තේ අධ්‍යාපන වැඩ කටයුතු වලට මුල් තැන දීලා තියෙන නිසා.
ඉතින් කුඩා කාලයේ කලාවට පියවර තියන යොහානි ඇගේ කලා ගමන ගැන මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම කලා ක්ශේෂ්ත්‍රයට එන්නේ වයස අවුරුදු 4 දි. ඒ පුංචි පැංචි වැඩ සටහන හරහා. ඊට පස්සේ මම වෙළද දැන්වීම් වල රගපෑවා. මාව ඩිලාන් කියලා අයියා කෙනෙක් වෙඩින් එකකදි දැකලා තමයි පුංචි පැංචි එකේ අවස්ථාව ලැබෙන්නේ. මම වෙළද දැන්වීම් 60 කට විතර, ටෙලිනාට්‍යය 14 කට විතර චිත්‍රපටි12 කට විතරදායක වෙලා තියෙනවා. නමුත් හැමෝම මාව හදුන ගන්නේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යය හරහායි.”
මේ විදියටයි ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනී යොහානි හෙට්ටිආරච්චි ඇගේ අදහස් දක්වලා තිබුණේ.