අපි අවුරුද්දට එක් කෙනාටම දෙපාරක් වදිනවා සල්ලි වැඩියෙන් හොයා ගන්න
තාරුණ්‍යයේ ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක් තමයි යෂ් වීරසිංහ කියන්නේ. ඉතින් රංගනයට, ගායනයට, නිවේදනයට මේ හැම ක්ශේෂ්ත්‍රයකටම දක්ෂතා දක්වන යෂ්ව මේ දිනවල නිතරම අපිට දැක ගන්න පුලුවන්. ඒ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ දෙවෙනි සහ ‘අපි එක රෑනේ’ ටෙලි නාට්‍යයේ අවිශ්ක විදියටයි.

ඉතින් යෂ් වීරසිංහ කියන මේ දක්ෂ රංගන ශිල්පියා ජයකොඩි පරම්පරාවට අයත් රංගන ශිල්පියෙක්. ඉතින් ඔහුගේ ළමා කාලය හරි සුන්දරව ගත කරලා තියෙනවා. ඒ ගැන ඔහු මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.
” ඉස්සර අපි අලුත් අවුරුද්ද සමරන්න තාත්තගේ මහ ගෙදර මින්නේරියෙ යනවා. එහෙ යනවා කියන්නේ අපිට පුදුම ආශ්වාදයක්. ගමේ ගොඩේ ඇවිදලා ඇලේ දොලේ නාලා අපි වින්දෙ පුදුම සතුටක්. තාත්තගේ ගමේ අය අපිට කන්න කැමති දේවල් හදලා දෙනවා. අපිව අලි බලන්නත් එක්ක යනවා. ඇදුම් පැළදුම් තෑගි බෝග වලින් අපිට අඩුවක් නෑ.

අපි අවුරුදු උත්සව වලට ළමයි එක්ක එකතුවෙලා සහභාගි වෙනවා. අයියයි මමයි වැඩිහිටි අයට දෙපාර දෙපාර වදිනවා.එහෙම කරන්නේ හම්බවෙන රුපියල් පහදහය වැඩි කරගන්න. ඒවා එකතු කරගෙන ඇවිත් මමයි අයියයි කඩචෝරු කනවා. අයියටයි මටයි නොනගතේට කන්නැතිව ඉන්න බෑ. ඒ නිසා ආච්චි ගෙදරින් එළියට ගෙනිහින් අපි දෙන්නට කවනවා.”
මේ විදියටයි යෂ් වීරසිංහ ඔහුගේ ළමා කාලය ගැන අදහස් දක්වලා තිබුණේ.