මගේ ජීවිතේ පළමු වතාවට උපන්දින සප්‍රයිස් එකක් දුන්නෙ විශ්ව, එයා තමයි හැමදාමත් ලංකාවේ අංක එකේ ජනප්‍රිය නලුවා
ටෙලි තිරය සහ සිනමාව තුළ නේ වන විට කැපී පෙනෙන චරිතයක් විදියට හදුන්වා දෙන්න පුලුවන් දක්ෂ රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ. නේ වන විට ඔහු රංගනයට අමතරව වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක් විදියටත් ප්‍රේක්ෂක අපි හමුවට එනවා. ඒ හිරු නාලිකාවේ විකාශය වෙන ‘ෆුල් හවුස්’ චැට් ප්‍රෝග්‍රෑම් එක හරහා.

ඉතින් විශ්ව කොඩිකාර කියන අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියා ගැන ඉසුරු ලොකු හෙට්ටිආරච්ච එක්තරා රූපවාහිනි වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණා. විශ්වගේ තියෙන මානූෂීය ගති ගුණ ගැනයි ඉසුරු සදහන් කලේ.
” කොයි තරම් ජනප්‍රිය රංගන ශිල්පීන් මේ වන විට බිහිවුනත් මම කියන්නෙර් හැමදාමත් අංක එකේ ජනප්‍රිය නලුවා විශ්ව කොඩිකාර කියලා. එයාට හොද හදවතක් තියෙනවා. මම බොහොම අඩු මුදලට රගපාන කාලේ විශ්ව රංගන ක්ශේෂ්ත්‍රයේ හිනි පෙත්තේ හිටපු කෙනෙක්. මට ට්‍රිප් එකක් අන්න සල්ලි නැති වුනාම විශ්ව මට කිව්වා ඔයා එන්නකො මම ඒවා බලගන්නම් කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි විශ්ව තමයි මගේ ජීවිතේ පළවෙනි වතාවට මට බර්ත්ඩේ සප්‍රයිස් එකක් කරලා කේක් කැපුවෙ.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චි විශ්වගේ තියෙන සහෝදරකම ගැන කියලා තිබුණේ.