2009 අවුරුද්දෙ මම කසාද බදිනකොට මට අවුරුදු 21 යි, පොඩි වයසක්
එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ නිරාශා විදියට කටකාර චරිතයකට රංගනයෙන් දායක වුණු ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී වත්සලා දියලගොඩ. එන්න එන්නම සුරූපි වත්සලාගේ සහෝදරියත් කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්. ඇය බුවනි චාපා දියලගොඩ. ඉතින් වත්සලා මේ වන විට පුංචි තිරය හරහා අපි අතරට ආවේ නැතත් ඇයට එදා ලැබුණු ජනප්‍රියත්වය තවමත් ඒ විදියටම ලැබෙනවා.

ඉතින් වත්සලා විවාහ වෙලා මේ වන විට ආදරණීය මවක්. දුව ලැබෙන්න ඉන්න කාලය තුළදී සහ ඇය මෙලොවට බිහිවීමෙන් පසුව තමයි වත්සලා කලාවට මදකට විරාමයක් දෙන්නේ. ඉතින් නැවත කලා ක්ශේෂ්ත්‍රයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න වත්සලා ඇගේ විවාහය සහ සැමියා ගැන එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වේ මේ වගේ අදහසක්.
” මම මුලින්ම ආදරය කරන්න පටන් ගත්තේ පාසල් යන කාලෙදි. නමුත් මම විවාහ වුණේ එයා සමග නෙමෙයි. මම දැන් විවාහ වෙලා ඉන්නෙ ප්‍රසංග එක්කයි. ඔහු මට හමුවෙන්නෙ 2008 අවුරුද්දේ. අපි විවාහ වුණේ 2009 අවුරුද්දේ. විවාහ වෙනකොට මට වයස 21යි. ඉතින් මම ඒ වෙනකොට චූටිනේ. ඒ නිසා දරුවෙක් හදලා වගකීම ගන්න වයස මදි නිසා අවුරුදු 5කින් වගේ පස්සෙ තමයි දරුවෙක් හදන්න ලෑස්ති වුණේ. ‘’

මේ විදියටයි සුරූපි වත්සලා අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇය සදහන් කරන්නේ ඇය ඇගේ ජිවිතේ අංක එක දීලා තියෙන්නේ දරුවා වෙනුවෙන් කියලා. ඉතින් සුරූපි නිළි වත්සලා දියලගොඩගේ ආදරණීය කැදැල්ලට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.