Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අම්මගෙයි තාත්තගෙයි පවුල් 2 ම ලොකුම දුව මම, මට වඩා අවුරුදු 6ක් නංගි බාලයි

පුංචි තිරයේ වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්ත ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී වත්සලා දියලගොඩ. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයේ නිරාශා විදියට මීට වසර ගණනාවකට පෙර අපේ ආලින්දයට ආව ඇය මේ වන විට වැඩි පුර පුංචි තිරය හරහා දකින්නට ලැබෙන්නේ නෑ. නමුත් රූපවාහිනී වැඩ සටහන් හරහා දකින්න ලැබෙන වත්සලා දවසින් දවස එන්න එන්නම ලස්සන වෙන කෙනෙක්.

ඇයට වැඩි ආකර්ෂණයක් ලැබෙන්නේ ඇගේ සිනහවටයි. ඉතින් හැමවෙලේම සුන්දර හිනාවකින් ඉන්න වත්සලාගේ සහෝදරිය තමයි බුවනි චාපා දියලගොඩ. ඇයත් රංගන ක්ශේෂ්ත්‍රය තුල දකින්න ලැබෙන කෙනෙක් වගේම නිවේදනය කටයුතු වලටත් දායක වෙලා තිබුණා. නමුත් මෙ වන විට උතුම් මව් පදවිය දින ගනිමින් සිටින බුවනි විවාහ වුණේ කාර් සේල් එකක හිමිකරුවෙක්.

වත්සලාගේ සහ බුවනිගේ හඩ එකම වගේ නිසා සමහරුන්ට ඔවුන් දෙදෙනාගේ හඩින්නම් වෙන් වෙන්ව අදුරගන බැරි තරම්. ඉතින් වත්සලා බුවනිව ඉපදුනු මුල්ම දවසේ දැකපු ගමන් අපෝ එළදෙනෙක්වනේ ගෙනල්ලා තියෙන්නේ කියලා මුලු රෝහලටම ඇහෙන්න කෑ ගහලා කියලා. ඉතින් වත්සලා දියලගොඩ ඇගේ ළමා කාලය ගැන මේ විදියටයි කියලා තිබුණේ.

” අම්මගෙ පවුලෙනුයි තාත්තගෙ පවුලෙනුයි පළමු ළමයා මම. ඉතින් මම රැජින මමයි කියලා ජීවත් වුනේ. අම්මගෙයි තාත්තගෙයි ආදරය වගේම මුලු පවුලෙම ආදරය එක්ක හැදුනෙ. ඒ කාලේ අපිට එච්චර සල්ලි තිබුණෙ නෑ. නමුත් මට ඕන කරන හැදේම මට ලැබුණා. මට අවුරුදු හයකට පස්සෙ තමයි නංගි හම්බුනේ.”

මේ විදියටයි වත්සල දියලගොඩ ජනප්‍රිය රංගන ශිල්පිනිය අදහස් දක්වලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *