Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තනිකඩයා වනිදු හසරංගත් සුබ මොහොතින් යුග දිවියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන පසු ගිය කාලයේදී ක්‍රීඩා ලෝලීන්ට අමතරව අපේ රටේ අනිත් පුරවැසියන් පවා කතා කරන්නට වුණා. ඒ ඔවුන් අත්කරගෙන ආපු ජයග්‍රහණයත් සමගයි. තරුණියන් පිස්සු වට්ටපු චාමිකත් සමාජ මාධ්‍ය හරහා නිතරම වාගේ රසිකයින් දැක ගත්තා. නමුත් දැන් දැන් ක්‍රිකට් කණ්ඩායම ගැන කතා කරන එක ටිකක් අඩුවෙලා.

නමුත් ක්‍රිකට් වලට වශී වෙලා ඉන්න අපේ රසිකයින්නම් කොයි වෙලාවෙත් හෙවිල්ලෙන් තමයි ඉන්නේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න තනිකඩ තරුණයෙක් වන වනිදු හසරංග ගැන අපිට අහන්න ලැබුණේ ඉතාම සුබ ආරංචියක්. ඒ ඔහු විවාහ දිවියට එළඹීමයි. ඉතින් වනිදුගේ රසිකයින් ඔහුගේ පෙම්වතියව මීට පෙර දැක තිබෙනවා. ඒ කොහොම නමුත් ඔහුගේ මංගල ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.

ඉතින් හැමෝම ආදරය කරන වනිදුව ක්‍රශ් එකක් බවට පත් කරන් හිටපු අපේ තරුණියන්ට මෙය දුක්බර පුවතක් වුණත් ඔහුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් තමයි ඔහුගේ විවාහය. ඉතින් ශ්‍රී ලංකා අපේ ක්‍රිකට් තරුව වනිදුගේත් ඔහුගේ අත ගත්ත ඒ සුරූපිනියගේත් ඉදිරි ජීවන ගමනට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු. ඒ වගේම මේ යුවලට සුබ මංගලම් කියා ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *