Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම කැමතියි කොන්ද පන තියෙන කොල්ලෙක්ට, ෆන් එකේ ඉන්න කෙනෙක්ට තමයි මම කැමති – සුරූපී රංගන ශිල්පිනී වගීෂා සල්ගාදු

පුංචි තිරයේ විවිධ චරිත තුලින් ප්‍රේක්ෂක අපි අතරට එන ඇය නමින් වගීෂා සල්ගාදු. ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන වගීෂා ටෙලි තිරය ඔස්සේ අපි අතරට ටෙලිනාට්‍යය කිහිපයක් හරහා එනවා. ඒ හිරු නාලිකාවේ විකාශය වන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේත් ‘ලංවී’ ටෙලිනාට්‍යයේත් ‘රාජිනි’ ටෙලිනාට්‍යයේත් ඇගේ දක්ෂ රංගනය අපිට දැක බලා ගන්න පුලුවන්.

මේ විදියට හැම වෙලේම හිනා වෙලා ඉන්න වගීෂා රංගනය කරන බොහොමයක් චරිත ටිකක් නපුරු චරිත. ඒ විදියට ඇයට ඕනම ආකාරයට ප්‍රේක්ෂකයා අතරට එන්න දක්ෂතාවය තියෙනවා. ඉතින් තවම තාරුණ්‍යයේ ඉන්න වගීෂා ආදරයක් ගැන හිතලා නෑ. ඇය බලාපොරොත්තු වෙන අනාගත සහකරුගේ ගති ලක්ෂණ මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.

” මම කැමතියි පර්සනැලිටි එක තියෙන කෙනෙක්ට. ඒ කියන්නේ කොන්ද පන තියෙන කෙනෙක්ට. ඒ වගේම ෆන් එකේ ඉන්න කෙනෙක්ට තමයි කැමති.’’

ඉතින් වගීෂා රංගනය කරන මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන දිවිතුරා ටෙලිනාට්‍යයේ කාව්‍යා විදියට ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා හොද ප්‍රතිචාරනම් ලැබෙන්නෙ නෑ. ඒ ඇය ඇගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන නිසයි. කොහොම වුණත් තමන්ට ලැබෙන ඕනම චරිතයක් හරි ආකාරයට ප්‍රේක්ෂකයා හමුවට ගෙන එම දක්ෂ රංගන ශිල්පිනියක් විදියට වගීෂගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *