Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට අවුරුදු 20 යි, අම්මා කෙනෙක් වෙන්න යන්නේ ඒකට සූදානම් වෙනවා දැන්

පුංචි තිරයේ මේ වන විට ඉතාම ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා ඉන්න ඇය තමයි වගීෂා සල්ගාදු කියන්නේ. වගීෂා මේ වන විට පුංචි තිරයේ ජනප්‍රිය ප්‍රේමවන්තිය බවට පත් වෙලා. ඉතින් ඇය රංගනය කරන ටෙලිනාට්‍යය කිහිපයක්ම මේ වන විට පුංචි තිරය හරහා ප්‍රේක්ෂක අපේ ආලින්දයට එනවා.

ගායනයටත් දක්ෂ වගීෂා පසුව නර්තනය හදාරමින් නර්තනයටත් දක්ෂතා දක්වනවා. ඉතින් ඒ වගේම රංගනයටත් දස්කම් දක්වන වගීෂා මේ දිනවල දකින්න ඉන්න නිර්මාණයන් විදියට හිරු නාලිකාවේ ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයත් ‘රාජිණි’ ටෙලි නිර්මාණයේ වගේම හිරු නාලිකාවේ ‘ලංවී’ ටෙලිනාට්‍යයේ ත් දක්ෂ රංගනයක් දැක ගන්නට ලැබෙනවා.

ඉතින් කවුරුත් ආදරය කරන පුංචි තිරයේ හොදම ආදරවන්ත ජෝඩුව තමයි ඉරෝන් සහ රසාංගා කියන්නේ. මේ පෙම්වතුන් විදියට රංගනය කරන්නේ වගීෂා සල්ගාදු සහ සචින් චතුරංගයි. හැමෝම හිතන්නේ මේ දෙදෙනා පුංචි තිරයේ වගේම සැබෑ ජීවිතේත් පෙම්වතුන් කියලා. නමුත් වගීෂා කියන්නේ සෙට් එකේදී පමණයි ඔවුන් කතා බහ කරන්නෙ කියලා. ඉතින් ලංවී ටෙලිනාට්‍යයේ හැටියට මේ වන විට හර්ෂිට දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් විදියට රංගනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අභියෝගය ගැන වගීෂා මේ විදියටයි පුවත් පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට අවුරුදු 20යි. නමුත් මම ලංවී ටෙලිනාට්‍යයේ අම්මෙක් වෙන්න හදන්නේ. දැන් ඒකට සූදානමින් ඉන්නේ. මගේ පොඩි වයසට ලැබුණු අභියෝගාත්මක චරිත රංගනය තමයි ලංවී කියන්නේ. මට බඩක් දාලා රගපාන්න බෑ කියලා මම කිව්වා. ඒ විදියට හැගීම ඇතුව රගපාන්න තමයි මම සූදානම් වුණේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *