කොතන ගියත් මට අහන්න වෙන්නේ හින්දි නිලියක් වගේ කියලා
පුංචි තිරයේ එකිනෙකට වෙනස් වූ චරිත රංගනය කරන්නට හැකි දක්ෂතාවයකින් යුතු රංගන ශිල්පිනියක් තමයි වගීෂා සල්ගාදු කියන්නේ. පාසල් යන කාලේ සිටම නාට්‍යය රංගනය නිසා කලාවට වරම් ලබා ගන්න වගීෂා අහිංසක පෙම්වතිය විදියටත් නපුරු චරිතත් මනාව රංගනය කරනවා.

ඉතින් හිරු නාලිකාවේ දිවිතුරා ටෙලිනාට්‍යයේ සැර නපුරු චරිතයක් හරහා ප්‍රේක්ෂකයා අතරට එනවා වගේම ලංවී ටෙලිනාට්‍යයේ අහිංසක ආදරවන්තියක් විදියට ප්‍රේක්ෂක ආදරය ලබා ගත්තා. ඉතින් ගායනයටත් රංගනය වගේම දක්ෂතා දක්වන වගීෂා ඉතා සුරූපි රංගන ශිල්පිනියක්. ඉතින් ඇයව ගොඩක් දෙනෙක්ගේ ඇගයුමට ලක්වෙන්නේ ඉන්දීය නිලියක් වගේ කියලයි. ඒ ගැන වගීෂා මේ විදියටයි එක්තරා යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මට කොතන ගියත් අහන්න ලැබෙන්නේ හින්දි නිලියක් වගේ කියලා. මොකද මම කරන විලාසිතා වලට අනුවත් කට්ටිය එහෙම කියනවා. අනික මට පොඩි කාලෙ ඉදලම හින්දිත් කතා කරන්න පුලුවන් හොදටම. මම දන්නෙ නෑ ඒ මොකද කියලා. ගොඩක් කට්ටිය කියන්නෙ මගේ පවුලට ඉන්දීය ආභාෂයක් තියෙයිද කියලා. එහෙම එකක් නෑ.’’

ඉතින් සුරූපි වගීෂා රංගනය අතින් පාසලේ දක්ෂතා පෙන්වපු කෙනෙක්. ඉතින් ඇයට කල නාට්‍යය උළෙලකදී සම්මානයක් ලබා ගන්නටත් හැකි වුණා. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.