හැමෝටම ප්‍රශ්නයක් මමයි සචිනුයි පෙම්වතුන්ද කියලා
කලා ක්ශේෂ්ත්‍රයේ බිහිවන නවක තරු දිහා බලන විට ඉතා කෙටි කාලයකින් ක්ශේෂ්ත්‍රයේ විවිධ චරිත රංගනය කරලා ප්‍රේක්ෂක ආදරය බෙහෙවින් ලබා ගත්ත ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි වගීෂා සල්ගාදු කියන්නේ. ඇගේ අපූර්ව වූ රංගන විලාසය නිසාම වගීෂට ආකර්ෂණය වෙන ප්‍රේක්ෂකයින් ගැහැණු සහ පිරිමි කියලා විශේෂයක් නෑ. ඉතින් වගීෂා රංගනය කල ටෙලිනාට්‍යය තුනක් මේ වන විට ඇයට ආදරය කරන රසිකයාට බලා ගන්න පුලුවන්.

විටෙක ආදරණීය ප්‍රේම වන්තියක්, තවත් විටෙක දුෂ්ට නපුරු කෙනෙක්. ඔය විදියට ඕනම චරිත අභියෝගයක් බාර ගන්න සහ ඇයට හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන වගීෂාගේ නපුරු චරිතයක් අපිට මේ දිනවල හිරු නාලිකාවෙන් දැක ගන්න පුලුවන්. ඒ දිවිතුරා ටෙලිනාට්‍යයේ කාව්‍යා විදියටයි.
ඉතින් ඒ වගේම ඇය ආදරණීය පෙම්වතියක් විදියට කාගේත් ආදරය ලබා ගත්ත සාරංගා චරිතය ඇතුළත් ලංවී ටෙලිනාට්‍යය මේ වන විට විකාශය වෙලා අවසන්. ඉතින් ඒ වගේම රාජිනි ටෙලිනාට්‍යයේත් ඇගේ රංගන හැකියාව දැක බලා ගන්න පුලුවන්. කාගේත් ආකර්ෂණය දිනා ගන්න වගීෂා ප්‍රේක්ෂක ආදරය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” හැමෝටම ප්‍රශ්නයක් මමයි සචිනුයි අතර ප්‍රේම සම්බන්ධයක් තියෙයිද කියලා. ඇත්තටම අපි දෙන්න පෙම්වතුන් වුණේ තිරයේ විතරයි. සැබෑ ජීවිතේදී අපි හොද යාලුවෝ. එතනින් එහාට මොකුත් නෑ. මේ වෙනකොට මම ඉන්දියාවේ ඉන්නේ. කලා කටයුතුවලට ආවේ. මගේ වෙනස්ම දේවල් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුලුවන්.’’
මේ විදියටයි ජනප්‍රිය නවක රංගන ශිල්පිනී වගීෂා සල්ගාදු ඇගේ අදහස් දක්වලා තිබුණේ.