Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

හොදම යාලුවෝ දෙන්නෙකුට පවුල් කන්න අමාරුයි, මම ආයේ විවාහ වෙන්නෙ නෑ

චරිතාංග රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇය රංගනයෙන් දායක වෙන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ ටුටූ සහ ‘මාණික්කාවත ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගුණාදරී චරිතයට ඇයට වැඩි රසික ආකර්ෂණයක් ලැබෙනවා. ඉතින් වොල්ගා කියන්නේ රංගන ජීවිතය හරි අමාරුවෙන් ලබා ගත්ත කෙනෙක්. ඒ වගේම ඇය රංගන ක්ශේෂ්ත්‍රයට බොහොම ආදරය කරන කෙනෙක්.

ඉතින් වොල්ගා කල්පනී දක්ෂ රංගන ශිල්පිනිය පසු ගිය දා සම්මානයකට පාත්‍ර වුණේ ගුණාදරී කියන අන්ධ චරිතය හරහායි. ඉතින් කවුරුත් ආදරය කරන වොල්ගා කල්පනී රංගන ශිල්පිනියගේ පෞද්ගලික ජීවිතය ගැනත් බොහෝ දෙනා දන්නවා. ඇය මේ වන විට විවාහයෙන් වෙන් වෙලා තනිකඩ ජීවිතයක් ගත කරනවා.

ඉතින් වොල්ගා විවාහ වෙලා හිටියේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගේ සමගයි. ඉතින් වොල්ගා ඇගේ අදහස් මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම විවාහ වෙලා හිටියේ මගේ හොදම යාලුවා එක්ක. හොදම යාලුවන්ට පවුල් කන්න අමාරුයි. මම ඔහු එක්ක කිසිම අමනාපයක් නෑ. නමුත් මම නැවත විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ. මම කොන්දේසි විරහිතව ආදරේ කරන කෙනෙක්. ජීවිතේ සමහර අවස්ථාවලදී හිතෙනවා හයියට කවුරුහරි හිටියනම් හොදයි කියලා. ”

මේ විදියටයි වොල්ගා කල්පනී රංගන ශිල්පිනිය ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *