මෙතෙක් ආපු ජීවිතේ මට වැරදුනත් ඒ හැමදෙයක්ම ගැන මම තෘප්තිමත්
පුංචි තිරයේ බොළද ආදරවන්තිය නොවී එකිනෙකට වෙනස් අභියෝගාත්මක චරිත බලාපොරොත්තුවෙන් ඉන්න ඇය සම්මානනීය රංගන ශිල්පිනී වොල්ගා කල්පනී. පසුගිය රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ හොදම නිළිය විදියට සම්මානයට පාත්‍ර වුණු වොල්ගා කල්පනී සහ උමාලි තිලකරත්න දෙදෙනාම සම්මානයට පාත්‍ර වුනා. ඉතින් උමාලි වැනි දක්ෂ රංගන ශිල්පිනියක් සමගින් සම්මානය එකම වේදිකාවක ලබා ගැනීමට හැකි වීම ගැන වොල්ගා ඉතාම ආඩම්බරයකින් ඉන්නේ.

ඉතින් මාණික්කාවත ටෙලිනාට්‍යයේ ගුණාදරී විදියට ඉතා දක්ෂ රංගනයක යෙදුනු වොල්ගා මේ දිනවල පාර දිගේ ටෙලිනාට්‍යයේ සහ වැකේෂන් ටෙලිනාට්‍යය දෙක තුල ඇයව දැක ගන්න ලැබෙනවා. පුංචි තිරය තුළ වැඩිපුර කාර්යබහුල නොවුනට ඇය රංගනය කල සීමිත නිර්මාණ හරහා ඇගේ රංගන දක්ෂතා විදහා දක්වනවා. ඉතින් වොල්ගා කල්පනී ඇගේ අදහස් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම රංගන ක්ශේෂ්ත්‍රයේ වැඩිපුර නිර්මාණ නොකෙරුවට මම කැමති නෑ අහිංසක බොළද පෙම්වතිය වෙන්න. මම කරපු නිර්මාණ ප්‍රමාණය ගැන තෘප්තිමත්. නිර්මාණ පමණක් නෙමෙයි මගේ ජීවිතේ මේ තාක් සිදු වුණු හැමදෙයක් ගැනම මම තෘප්තිමත්. මට ජීවිතේ වැරදුනා හරි ගියා නමුත් ඒ අතීතය ගැන මම තෘප්තිමත් කෙනෙක්. රංගන ක්ශේෂ්ත්‍රයට ආවේ ඉතාම ලෙහෙසොයෙන් නෙමෙයි. ගොඩක් දුක් විදලා.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී වොල්ගා කල්පනී අදහස් දක්වලා තිබුණේ.