Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

විශ්ව මට බනින්නෙ තමුන් කියලා, අපි දෙන්නා බැන්ද දවසට පහුවදාම රණ්ඩු වුණා

පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තයා විදියට අපි අතරට එන ඒ කඩවසම් රංගන ශිල්පියා තමයි විශ්ව කොඩිකාර කියන්නේ. ඉතින් ඔහු මේ වන විට වසර ගණනාවක සිටම කලා කෙත පෝෂණය කලා. චරිත ගණනාවක් හරහා තම රංගන දායකත්වය ලබා දුන් විශ්ව පුංචි තිරය හරහා නිතරම ප්‍රේක්ෂකයන් හමුවට එනවා. පසුගියදා විශ්ව රංගනය කල ‘බන්ධනා’ ටෙලිනාට්‍යය ඉතා ජනප්‍රිය වුණා.

ඉතින් මේ වන විට පුංචි තිරයේ පෙම්වතා වුණත් විශ්ව සැබෑ ජීවිතේදී ඔහු පවුලට ආදරණීය පියෙක්. විශ්වට මේ වන විට දරුවන් දෙදෙනෙකුගෙන් යුත් සුන්දර පවුලක් හිමියි. ඉතින් මේ විදියට පවුල තුළ සතුටින් ආදරයෙන් ජීවත් වෙන විශ්ව කා සමගත් ඉතා සහයෝගයෙන් වැඩ කටයුතු කරන කෙනෙක්.

විශ්වගේ සහ ඔහුගේ ආදරණීය බිරිදගේ සුන්දර පවුල් ජීවිතයේ ඇති යම් යම් සිදුවීම් විශ්වගේ බිරිද එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” විශ්වයි මමයි බැදලා පහුවදාම රණ්ඩු වුණා. අපි හිටපු හොටෙල් එකේ මිනි බාර් එකක් තිබ්බා. විශ්ව කූල් වතුර බෝතලයක් ගන්න යන්න හැදුවම මම කිව්වා රූ එකේ තියෙනවා ඒ ඔක්කොම ඇතුලත් කරලා තියෙන්නෙ අපේ හොටෙල් බිල් එකට කියලා. විශ්ව ඉක්මනට ගිහින් ඔක්කොම ටික ගත්තා. ඇරන් බිල් එක දාන කොට අමතරව 14.000 ක් බිල් එකටඇඩ් වෙලා අර ටිකට. මම කිව්වා ඒ ටික තියමු කියලා. එයා කිව්වා බෑ කියලා. මට කොළඹට එනකම් බැන බැන ආවේ. එයා තරහ ගියාම බනින්නේ තමුන් කියලා.’’

මේ විදියටයි විශ්වගේ බිරිද ඇගෙ සැමියා එක්ක පවුල් ජීවිතය ගත කරන ආකාරය ගැන කියලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *