Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම විශ්වට කැමති වුණේ නළුවෙක් නිසාම විතරක් නෙමෙයි, අපි දැන් විවාහ වෙලා අවුරුදු10ක්

විශ්ව කොඩිකාර කියන්නේ පුංචි තිරයේ අහිංසක ප්‍රේම වන්තයා විදියට කාගේත් ආදරය ලබා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු රංගනය කරන ටෙලිනාට්‍යය මේ වන විට පුංචි තිරය හරහා නිතරම දැක ගන්නට ලැබෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමයි විශ්වගේ පියා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් කියන කාරණාව.

ඉතින් විශ්ව මීට වසර ගණනාවකට පෙර රංගනය කල ‘අමා’ ටෙලිනාට්‍යයට ගොඩක් දෙනෙක් ඔහුගේ චරිතයට ආදරය කරනවා. විශ්ව රංගනය කල මෑත කාලීනව ඉතා ජනප්‍රිය වුණු ටෙලිනාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘බන්ධනා’ ටෙලිනාට්‍යයේ.

සෙසු චරිත වගේම ප්‍රධාන චරිත රංගනය කරන විශ්ව කියන්නේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න කා සමගත් ඉතාම සුහදශීලීව වැඩ කටයුතු කරන හිත හොද කලා කරුවෙක්. ඉතින් විශ්වගේ ආදරණීය බිරිද තමයි එරන්දි කියන්නේ. ඉතින් එරන්දි විශ්ව ගැන කියලා තිබුණේ මේ විදියටයි.

” මම වෙඩින් එකට මාස හයක් කලින් තමයි ලංකාවට ආවේ. විශ්ව මම මුලින්ම දැන හදුනගන්නේ රංගන ශිල්පියෙක් විදියට. මම විශ්ව රගපෑ ටෙලිනාට්‍යය බැලුවා. නමුත් මම නළුවෙක් කියන දේට විතරක් ඔහුට කැමති වුනේ නෑ. අදහස් පවා මම හොදට හිතලා බලලා තමයි කැමති වුනේ. දැන් අපි විවාහ වෙලා අවුරුදු 10ක්. බබාලා දෙන්නගෙ වැඩ වගේම විශ්වගේ වැඩත් බලන්න ඕන.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාරගේ බිරිද එරන්දි අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *