Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම විනූ අඩනවට හරි බයයි, එයා මාව බබෙක් වගේ බලාගන්නවා – සුරූපි නිළි විනූගේ ආදරණීය සැමියා

ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආව ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම සුරූපී රංගන ශිල්පිනියක්. ඉතින් කාගේත් හදවතේ ආදරය නොඅඩුව ලබා ගන්න ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනි විනූ සිරිවර්ධන කියන්නේ.

ඉතින් මෑතකදී ඇය විවාහ වීමත් එක්ක හැමෝම විනූ ගැන කතා කරන්නට වුණා. ගොඩක් දෙනාගේ ආකර්ෂණය ලබා ගත්ත විනූව අපේ රටේ තරුණයෝ ක්‍රශ් එක බවටත් පත් කරගෙන හිටියා. නමුත් හදිස්සියේම විනූ තරුණයන්ගේ නෙතට කදුලක් එක් කරමින් ඇය විවාහ වුනා.

සුරූපි විනූගේ අත ගත්ත ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක්. විවාහයෙන් පසුව දෙස් විදෙස් සංචාරයේ යෙදෙන විනූ මේ වන විට විවාහ වෙලා සැමියා සමගින් සතුටින් කල් ගත කරනවා. ඉතින් එක්තරා රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකදී විනූගේ සැමියා විනූ ගැන දැක් වූයේ මේ වගේ අදහසක්.

” අපේ අම්මා ඉස්සර මම ගෙදර ඉන්නකොට කෑම ටික ළගට ගෙනල්ලා මගේ හැමදේම මට කරලා දෙනවා. ඉතින් මගේ විවාහයෙන් පස්සේ විනූ තමයි මගේ හැමදේම කරන්නේ. එයා මගේ දෙවෙනි අම්මා වගේ. ඒක ගැන මට පුදුම සතුටක්, නිහතමානී ආඩම්බරයක් තියෙනවා එයා ගැන. ඉතින් මම අකමැතිම දේ තමයි විනූ අඩනවට. එයා පොඩ්ඩ ඇත්නම් අඩනවා. ඉතින් මට නලවගන්න තමයි ටිකක් අමාරු.”

මේ විදියටයි විනූගේ ආදරණීය සැමියා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *