අපි දෙන්නගෙ පළවෙනි කෝල් එක පාන්දර 3 වෙනකම්, එදාම වැඩේ ගොඩ දාගත්තා
සුරූපිනියක් විදියට ක්ශේෂ්ත්‍රයේ ඉන්න කාගේත් ආදරය ලබා ගන්න ඇය විනූ සිරිවර්ධන. හැම වෙලාවෙම හිනා වෙලා සතුටින් ඉන්න විනූ පුංචි තිරය හරහා නිතරම දැක ගන්නට ලැබුණෙ නැතත් සමාජ මාධ්‍ය හරහානම් නිතරම දැක ගන්න ලැබෙනවා. විනූ උදානි සිරිවර්ධන ක්ශේෂ්ත්‍රයේ හැමෝම සමගින් ඉතා සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා වගේම ඇය සෙනාලි ෆොන්සේකාව ළගින්ම ඇසුරු කරනවා.
ඉතින් විනූ විවාහ වෙලා ඉන්නේ ගුරු වරයෙක් වන කසුන් ලියනගේ සමගයි. මේ වන විට ඔවුන් දෙදෙනා විවාහ වෙලා කාලයක් ගත වුණත් අලුත බැදපු ජෝඩුවක් වගේ ඉතාම සතුටින් තමයි ජීවිතය ගත කරන්නේ. ඉතින් විනූ ඇගේ සැමියගේ උපන්දිනය වෙනුවෙන් ඔහුව පුදුම කරවලා තිබුණා.

ඉතින් විනූ සහ කසුන් යුවළගේ මුණගැහීම ගැන කසුන් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” අපි දෙන්නව හමු කලේ අපිදෙන්නගෙම හොදම යාලුවෙක්. එයා මගේ යාලුවට වඩා සහෝදරයෙක් වගේ. මගේ හැමදේම කියන්නේ එයාට. ඉතින් ඒ යාලුවා මට කතා කරලා ඇහුවා උඹට කෙල්ලෙක් සෙට් කරන්න හදන්නේ වයස කීයද කියලා. මම වයස කිව්වා. ඊට පස්සේ යාලුවගෙන් මම ඇහුවා කවුද කියලා. ඊට පස්සේ විනූ සිරිවර්ධන කියපු ගමන්ම මම ෆේස් බුක් එකේ සර්ච් කරලා බලලා මම යාලුවට කෝල් කරලා කිව්වා මම කැමතියි කියලා.

ඒ විදියට කොහොමහරි යාලුවා අපිදෙන්නව සෙට් කලා. මම ගොඩක් කාර්යබහුල නිසා මට වැඩිය හම්බ වෙන්න කතා කරන්න වෙලාවක් නෑ. එක දවසයි හම්බවුණේ. එදා පාන්දර 3 වෙනකම් කතා කලා. එදාම කොහොමහරි වැඩේ ගොඩ දා ගත්තා.”
මේ විදියටයි කසුන් විනූගේ සහ ඔහුගේ සම්බන්ධය පටන් ගත්ත විදිය ගැන අදහස් දක්වලා තිබුනේ.