Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම විවාහ වුණේ අවුරුදු 28 දී, හරිම කෙනා මුණ ගැහෙනකම් එච්චර කාලයක් ගියේ

රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, නිරූපිකාවක් විදියට ක්ශේෂ්ත්‍රයේ කා අතරත් ජනප්‍රිය චරිතයක් තමයි විනූ උදානි සිරිවර්ධන කියන්නේ. ඉතින් විනූ මුලින්ම කලා ක්ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ රු රැජින තරගාවලියක් හරහා. ඉතින් ඇය ඒ විදියට කලාවට ඇවිත් රංගන ක්ශේෂ්ත්‍රය තුළ ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යය ගණනාවකම රංගනයෙන් දායක වුණා.

ඒ අතර පිපෙන මල් තමයි ඇය රංගනය කල පළමු ටෙලි නිර්මාණය. ඉතින් ඒ වගේම විනූ රංගනය කල සිනමා නිර්මාණ අතරින් වැඩි හරියක්ම එකල ජනප්‍රිය වුණු තවමත් ඒ ගැන කතා කරන ‘පත්තිනි’ චිත්‍රපටයේත් විනූ රංගනය කලා. ඉතින් මේ විදියට කලා ගමන ඇරඹූ විනූ දැන්නම් විවාහ වෙලා සතුටින් ජීවිතය ගත කරන කෙනෙක්.

ඒ ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

‘ අපේ හරි වයස ආවම හැමෝම අහනවා කසාද බදින්නෙ නැද්ද. දැන් වයස හරි නේද කියලා. කවුරුවත් කිව්වට මම විවාහ වෙන්න හිටියේ නෑ. හරිම කෙනා මගේ ජීවිතේට ආවම විවාහ වෙන්න තමයි හිටියේ. මම විවාහ වුනේ වයස අවුරුදු 28 න්. විවාහ වුණාම හැමෝම අහන්නේ දරුවො හදන්නැද්ද කියලා. තවම මම බිරිදකගේ වගකීම විතරයි අරන් තියෙන්නේ. මගේ ජීවිතේට කසුන් ආවා. ඉතින් හරිම කෙනා හම්බ වුනාම මම විවාහ වුණා.”

මේ විදියටයි සුරූපි විනූ උදානි අදහස් දක්වලා තිබුණෙ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *