මම හිතනවා මගේ ජීවිතේට හොදම කෙනා තෝර ගත්තා කියලා, මගේ මුලු ජීවිතේම කසුන්
2012 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළත් සමගම ක්ශේෂ්ත්‍රයට එන විනු උදානි සිරිවර්ධන ටෙලිනාට්‍යය සහ සිනමාව තුළ විවිධ දක්ෂතා දක්වපු රංගන ශිල්පිනියක්. ඇය ක්ශේෂ්ත්‍රයේ ඉන්න සුරූපිනියක් විදියට කාගේත් ආදරය ලබන කෙනෙක්. ඉතින් සිනමා ක්ශේෂ්ත්‍රයට වඩාත් කැමති විනූ සිරිවර්ධන රංගනයට පමණක් නෙමෙයි ඇය නිවේදනයටත් දක්ෂතා දක්වන කෙනෙක්.

ඉතින් මේ වන විට විවාහ වෙලා ඉන්න විනූ උදානිගේ අත ගත්ත ඔහු තමයි වෘත්තියෙන් ගුරුවරයෙක් වෙන කසුන්. ඔහු සමගින් ඉතාම සතුටින් ජීවිතේ විදින කෙනෙක් තමයි විනූ සිරිවර්ධන කියන්නේ. පසු ගිය දිනක විනූ ඇගේ උපන්දිනය සමරලා තිබුණා. ඉතින් විනූ මුල් කාලෙදි ක්ශේෂ්ත්‍රයට එනවට ඇගේ අම්මා පවා බය වෙලා තියෙනවා. ඉතින් ඇය කියන්නේ ඇයට කලා ක්ශේෂ්ත්‍රයට එන්න ලොකුම ශක්තිය ලැබුණේ ඇගේ තාත්තගෙන් කියලා. ඉතින් ඇය ඇගේ ජීවිතයේ තොරතුරු මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපේ අම්මා මට හැමදාම කිව්වේ සහකාරයෙක් තෝර ගනිද්දී මුලු ජීවිත කාලේම ඉන්න පුලුවන් කෙනෙක් තෝරගන්න කියලා. එයා මගේ ක්ශේෂ්ත්‍රය පිළිබදව හොදින් දන්න කෙනෙක්. ඒ නිසාම මට එයා එක්ක ජීවත් වෙන්න හරි ලේසියි. මම හිතන්නේ මම ජීවිතේ හොදම කෙනා තෝරගත්තා කියලා. අපි දෙන්නව මුණ ගැස්සුවේ අපි දෙන්නගෙම යාලුවෙක්. මගෙ මුලු ජීවිතේම කසුන්.’’
මේ විදියටයි විනූ සිරිවර්ධන ඇගේ ආදරණීය සැමියා සහ විවාහ ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ.