මම පරක්කුවෙලා විවාහ වුණ නිසා ඉක්මනටම දරුවෙක් හැදුවා
ගායන ක්ශේෂ්ත්‍රයේ හොද නමක් දිනා ගෙන ඉන්න ඇය ප්‍රේක්ෂකයාට රහට ගායනා කරන ඇය ජනප්‍රිය ගායන ශිල්පිනී උරේෂා රවිහාරි. උරේෂා කියන්නේ චිත්‍රපට ගීත බොහොමයක් ගායනා කල අපි අහන්න ආස කටහඩක් හිමි කානතාවක්. ඇගේ ඇති සංවරකටම සහ නිහතමානී කමට කවුරුත් ආදරය කරනවා. ඉතින් උරේෂා රවිහාරි ආදරණීය ගායන ශිල්පිනිය මේ වන විට තම පෞද්ගලික ජීවිතයේ ආදරණීය මවක්.

ඇගේ ගායන ක්ශේෂ්ත්‍රය තුළ නවක තරු බොහොමයක් බිහි වුණත් ඇගේ නාමය සදාකල් රසික හදවතේ හැමදාමත් ලැගුම් අරන් හමාරයි. ඉතින් උරේෂා රවිහාරි ගායන ශිල්පිනිය ඇගේ පෞද්ගලික ජීවිතය තුළ මෙතෙක් නොකී කරුණු කාරණා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි.
” මම විවාහ වෙන්නේ නෑ කියලා මතයක තමයි හිටියෙ. නමුත් අම්මලාගේ බල කිරීමට තමයි විවාහ වුණේ. මොකද එයාලා හිතුවා එයාලා නැති කාලෙක මම තනි වෙනවා කියලා. මගේ ප්‍රේම සබදතා කිහිපයක් තිබුණත් ඒවා යම් යම් කාරණා නිසා නවතිනවා. මම විවාහ වුණේ යෝජනාවකින්. විවාහ වුණු ගමන්ම මට ඕන වුණේ දරුවෙක් හදන්න. ඒ නිසා ඉතාම කෙටි කාලයකදී දරුවෙක් හැදුවා. ”

ඉතින් මේ විදියට තමයි ගායන ශිල්පිනී උරේෂා රවිහාරි ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි ජීවිතයට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.