Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

බැදපු මුල මහත්තයා කිව්වා ගෑණියෙක් ගත්තේ වැඩ කාරයෝ උයන කෑම කන්න නෙමෙයි කියලා

ගායන ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න සම්මානනීය ජනප්‍රිය ගායිකාවක් තමයි උරේෂා රවිහාරි කියන්නේ. ඇගේ ගායන විලාසයට සහ ඒ මිහිරි හඩට ආදරය නොකරන කෙනෙක් නොමැති තරම්. ඒ තරමටම ඒ හඩට කවුරුත් ආදරෙයි. චිත්‍රපට පසුබිම් ගීත ගණනාවකටම ගායන කර තිබෙන උරේෂා රවිහාරි ඇගේ මියුරු හඩින් සියලු රසිකයින් ඈ කෙරෙහි අද බැද තබා ගන්නවා.

ඒ වගේම ඇගේ ගීත වල මියුසික් වීඩියෝ ප්‍රමාණය අඩු වුනත් ඇගේ හඩටයි සැවොම ආදරය කරන්නේ. විවාහ වෙලා දරුවෙක් ඉන්න උරේෂා රවිහාරි ගායන ශිල්පිනිය වෘත්තීය ජීවිතය වගේම ඇගේ පෞද්ගලික ජීවිතයත් ඉතා සමබරව කරගෙන යනවා. ඉතින් ජීවිතයේ මුලින්ම වෘත්තීයක් හැටියට ගීත ගායනය කල ඇය ඇගේ ජීවිතයේ සිදු වූ අත්දැකීම් මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රේක්ෂකයන් සමගින් හුවමාරු කරගෙන තිබුණේ.

” මම විවාහ වෙන කොට මගේ උදව්වට දෙන්නෙක් හිටියා. ඉතින් විවාහ වුනු මුළ මගේ මහත්තා කිව්වා මම ගෑණියෙක් ගත්තෙ ගෙදර වැඩ කාරයෝ උයන කෑම කන්න නෙමෙයි කියලා. ඉතින් ඒක මගේ හිතටම වැදුනා. මම සැමියගෙ වැඩයි දරුවගේ වැඩයි දෙකම මගේ අතින්ම කලා. ඒවා කරලා තව සංගීත වැඩ ඒවත් කලා. මම අඩුවෙන් නිදාගත්තා. කොහොමහරි පැයක් දෙකක් හරි දවසට නිදා ගත්තා. විවාහ ජීවිතේ සුන්දරයි කියලා බැලුවම කොහොමත් සුන්දරයි තමයි.’’

මේ විදියටයි ජනප්‍රිය ගායන ශිල්පිනී උරේෂා රවිහාරි ඇගේ විවාහ ජීවිතයේ අත්දැකීම් කියලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *