Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අලුතෙන් එන සමහර අය මට පේන්න බෑ, දක්ෂතාවකුත් නෑ, අත්දැකීමකුත් නෑ – උපේක්ෂා ස්වර්ණමාලිනී

ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු දීර්ඝතම ටෙලිනාට්‍යයක් වන ‘පබා’ ටෙලිනාට්‍යයේ පබා චරිතයට රංගනයෙන් දායක වුණු ඇය ජජනප්‍රිය සුරූපි රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලිනී. ඉතින් උපේක්ෂාව මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයක් හරහා ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුලුවන්. ඉතින් උපේක්ෂා ලාංකීය කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න කාලයේම දේශපාලනයට සම්බන්ධ වුණා.

ඉතින් මේ වන විට ඇයට ආදරණීය දුවක් ඉන්නවා. දුව සමගින් සතුටින් ජීවිතය ගත කරන උපේක්ෂා දැන් දරුවගේ යුතුකම් සහ වගකීම් වගේම සියලු අභියෝග වලට මුහුණ දෙමින් ජීවත් වෙන අපූරු ගැහැණියක්. ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණා ඇය රංගනයට ආව මුල් කාලයේ ඇයට ප්‍රධාන චරිතයක් ලැබුණත් ඒ චරිත ඇගෙන් ගිලිහුණා සිංහල උච්චාරණය අපහසු නිසා කියලා.

ඉතින් උපේක්ෂා ක්ශේෂ්ත්‍රයේ කා සමගත් සහයෝගයෙන් වැඩ කරන කෙනෙක් වගේම ක්ශේෂ්ත්‍රයේ ඉන්න පරණ රංගන ශිල්පිනියක් විදියට නව පරපුර ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මට අලුතෙන් එන සමහර අය පේන්න බෑ. මොකද එයාලට දක්ෂතාවත් නෑ. අත්දැකීමුත් නෑ. ස්මාර්ට් ෆෝන් එකේ ෆිල්ටර් එකක් දාලා කැත ඔක්කොම වහලා වීඩීයො එකක් දාපුවහම වීව්ස් දාහක් විතර වැටුණම එයා තමයි ජනප්‍රිය කියලා හිතනවා. ෆිල්ටර්ස් වලට රැවටෙන්නැතුව ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ.

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලී අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *