Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

පබා ටෙලිනාට්‍යය ඉවර වුන දවසෙ මම හොදටම ඇඩුවා, අපි පවුලක් වගේ හිටියේ

එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘ පබා ‘ ටෙලිනාට්‍යය කියන්නේ දීර්ඝතම ටෙලිනාට්‍යයක්. ඉතින් කතාව ආරම්භයේ සිටම අවසානය තෙක්ම ප්‍රේක්ෂකයන් එක ලෙස ආසාවෙන් නරඹපු ටෙලිනාට්‍යයක් තමයි පබා කියන්නේ. ඉතින් පබා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණේ ජනප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලී සහ අමිල අබේසේකරයි.

උපේක්ෂාට තවමත් ප්‍රේක්ෂකයන් හදුන්වන්නේ පබා කියලයි. ඒ තරමටම ඇගේ රසිකයින්ගේ හදවතට පබා චරිතය හරහා උපේක්ෂාට යන්න අවස්ථාව ලැබුණා. ඉතින් එදා ඒ විදියට විවිධ හැල හැප්පීම් මැද ආදරය ජයගත් පබා සහ ආමන්තගේ ආදර කතාව ඉතාම ආදරනීයයි. ඉතින් ටෙලිනාට්‍යය රූගත කිරීම් තුළදී සිදු වුණු සුන්දර සහ අමිහිරි සිදුවී ගැන මේ විදියටයි උපේක්ෂ ස්වර්ණමාලී අදහස් දක්වලා තිබුණේ.

” දැන් වගේ නෙමෙයි ඉස්සර අපි ටෙලිනාට්‍යය වල රගපානකොට මාසයක් විතරඑක දිගට ශූටින් කරනවා. දැන්නම් සතියට දවස් දෙකක් වගේනේ කරන්නෙ. ඉතින් ඉස්සර එක දිගට එහෙම රගපානකොට අපි පවුලක් වගේ. එකතු වෙලා අනිත් කෙනාගේ දුකේදී සැපේදි හැම දේකදිම ලගින් ඉන්නවා. ඉතින් ටෙලිනාට්‍යය ඉවරවෙලා අවසාන දවසේ මම ගෙදර ගිහින් හොදටම ඇඩුවා. ඒ තරමට මට දුකයි.”

මේ විදියටයි ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලී අදහස් දක්වලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *