Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

පිරිමි ජොලියට ළමයි හදලා දාලා යනවා, මගේ අම්මත් සිංගල් මාම් කෙනෙක්

එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ජනප්‍රිය දීර්ඝ ටෙලිනාට්‍යයක් වන පබා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණු ඇය උපේක්ෂා ස්වර්ණමාලී. තවමත් ප්‍රේක්ෂකයන් ඇයව හදුන්වන්නේ පබා විදියටයි. ඒ විදියට කාගේත් ආදරය දිනා ගන්ත ඇය අද වන විටත් පුංචි තිරය හරහා ප්‍රේක්ෂක අපේ ආලින්දයට එනවා.

දිව්‍යාදරී ටෙලිනාට්‍යයේ ත් උපේක්ෂා රංගනයෙන් දායක වෙනවා. මේ දිනවල අපිට ස්වාධීන රූපවාහිනිය හරහා දැක බලා ගන්න පුලුවන්. ඉතින් උපේක්ෂා තම ආදරණීය දරුවාව තනියෙන් රැක බලාගෙන ජීවත් වෙන්නේ. ඇය දරුවාගේ වගකීම් ඉටු කරමින් සාර්ථක මවක් විදියට තම ජීවිතය සතුටින් ගත කරනවා.

වර්ථමානයේ තනි මවක් තම දරුවාත් රැක බලා ගෙන ජීවත් වෙනවා කියන්නේ ලොකු අභියෝගයක්. ඉතින් සිංගල් අම්මා කෙනෙක් තාත්තෙක්ගේ උදව්වක් නැතුව දරුවගේ ඕනෑ එපාකම් ඉටු කිරීම ගැන ඇය දැක් වූයේ මේ වගේ අදහසක්.

” ඇත්තටම මගේ අම්මත් සිංගල් මාම් කෙනෙක්. පවු එහෙම කෙනෙක්. අම්මා කෙනෙක් තාත්තෙක් නැතුඅ ළමයෙක් බලාගන්නවා කියන්නේ අමාරු දෙයක්. පිරිමි ජොලියට වින්දනය සදහා ළමයි හදලා දාලා යනවා. නමුත් ඒ අම්මා කොච්චර අමාරුවෙන් දරුවා පෝෂණය කරන්නද. දෙන්නෙක් එකතුවෙලා දරුවෙක් හදන්නේ අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම සහයෝගය ඕන නිසානෙ.”

මේ විදියටයි උපේක්ෂා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *