මගේ ළගම ඉන්න අය කියනවා ඇයි ඔයා දරුවා හදන්නේ එයාට හැදෙන්න දෙන්න කියලා
උපේක්ෂා කියනවාට වඩා ඇයව හැමෝම දන්නේ පබා කියලා. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු දීර්ඝතම ටෙලිනාට්‍යයක් වන ‘පබා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුනු ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලී. උපේක්ෂා මේ වන විට ටෙලිනාට්‍යය කිහිපයක් හරහා ප්‍රේක්ෂක අපි අතරට එනවා.

ඉතින් ඇය කාලයක් දේශපාලනයට පිවිසි නිසා ඇයට සමාජයෙන් විවිධ කතා අහන්නටත් වුණා. උපේක්ෂා කියන්නේ මේ වන විට ආදරණීය සුරතල් දියනියකගේ මවක්. දුවත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරන ධෛර්යමත් කාන්තාවක්. ඇය කලා කටයුතු සහ දුවගේ අධ්‍යාපන කටයුතු එක්ක තමයි මේ වන විට කාර්යබහුල වෙලා ඉන්නේ.
ඉතින් උපේක්ෂා සදහන් කරන ආකාරයට ඇය කුඩා කාලයේ ඉදලම තාත්තගේ සෙවනක් නැතිව හැදී වැඩෙන කෙනෙක්. ඇගේ දුවට තාත්තගේ අඩුව නොදැනෙන්න තමයි රැක බලා ගන්නේ. ඉතින් දුවව ආදරයෙන් රැක බලාගන්න ආකාරය ගැන උපේක්ෂා මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මගේ හැමදේකටම මුල් තැන මගේදුව. මගේ ළග ඉන්න හැමෝම කියනවා ඇයි ඔයා දුවව ඔය තරමට හදන්නෙ කියලා. අපි හදන්නැතුව එයාලට හදන්න දෙන්නෙ ගස් ගල් වගේද. නිකම්ම හැදෙන ළමයි නිසා තමයි අද සමාජෙ පිරිහිලා තියෙන්නේ. දරුවෝ නොමග යන එකට මම ඍජුව ඇඟිල්ල දික් කරන්නේ දෙමාපියන්ට. හරි විදියට දරුවො හැදුවනම් ඉවරයිනේ.”
මේ විදියටයි උපේක්ෂා ස්වර්ණමාලී ඇගේ අදහස් දක්වලා තිබුණේ.