විවාහ වෙලා අවුරුදු 4 ක්, මාත් ආසයි දරුවො ඉන්න අම්මා කෙනෙක් වෙන්න
තම ආකර්ෂණීය හඩ තුලින් මෙරට සංගීත ක්ශේෂ්ත්‍රය තුල දිගු ගමනක් යන ඇය ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශයි. උමාරියාගේ හඩට රසිකයින්ගෙන් ලැබෙන ආකර්ෂණය සහ ආදරය තව තවත් වැඩි වෙනවා. ඉතින් උමාරා සිංහවංශගේ නැගණිය වන උමාරියා තම සංගීත ගමන පටන් ගන්නේ අක්කා එක්ක ස්ටූඩියෝ එකේ ඉන්නවිට භාතියට ඇහෙන්න ගීතයක් ගායනා කල විටයි.
‘පැතූ පෙම් පැතුම්’ ගීතය හරහා රසික හදවත් දිනා ගත්ත උමාරියා ප්‍රංශ ජාතිකයෙක් සමග විවාහ වෙලා මේ වන විට සතුටින් පවුල් ජීවිතය ගත කරනවා. ඇගේ සැමියා සංගීත මහාචාර්යවරයෙක්. ඉතින් උමාරියාගේ සංගීත ගමනට ඇගේ සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

ඉතින් පවුල් ජීවිතයක් ගත කරන ඕන කෙනෙකුගේ බලාපොරොත්තුව දරු සම්පත. ඒ බලාපොරොත්තුවම තියාගෙන ඉන්න උමාරියා ඇගේ ඉදිරි බලාපොරොත්තු ගැන අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” අපි විවාහ වෙලා අවුරුදු 4 යි. අපි දෙන්නා සතුටින් ජීවිතේ ගත කරනවා. මාත් ආසයි දරුවො ලබලා සතුටින් ජීවත්වෙන්න. දරුවො ඉන්න අම්මා කෙනෙක් වෙන්න මම ගොඩක් ආසයි. කමක් නෑ ඒවා දෙවියන් වහන්සේට කැමති වෙලාවට ඒවා දෙයි. සාමාන්‍ය ගැහැණියකට තියෙන හැම බලාපොරොත්තුවක්ම මටත් තියෙනවා.’’

ඉතින් ප්‍රංශ ජාතිකයෙක් නිසා හැමෝම උමාරියා ලංකාව දාලා යයි කියලා හිතුවට ඇය කියන්නේ ලංකාවා කියන මහ ගෙදර දාලා යන්නෙ නෑ කියලයි. ඉතින් සැමියා ලංකාවට ආවම සැමියා ඉන්න ඕනම තැනක් ඇයට ගෙදර වගේ කියලා. ඉතින් උමාරියාගේ ඉදිරි බලාපොරොත්තු ඒ විදියටම සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.