Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපි ආදරය කරපු කෙනෙක් දාලා ගියා කියලා එයාට වෛර කරන්න එපා කියලා මම ආදරයෙන් ඉල්ලනවා

පසුගිය දා පැවත්වුණු සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වුණු ඒ දක්ෂ රංගන ශිල්පිනිය තමයි උමාලි තිලකරත්න කියන්නේ. උමාලි කියන්නේ එකිනෙකට වෙනස් වුණු චරිත අභියෝගයන් වලට සාර්ථකව මුහුණ දෙන රංගන ශිල්පිනියක්. ඉතින් අපේ රටේ කලාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් ගොඩක් දෙනා මේ දක්ෂ රංගන ශිල්පිනියට ආදරෙයි.

ඉතින් සාරංග දිසාසේකර සමගින් විවාහ වෙලා හිටපු උමාලි මේ වන විට සාරංගගෙන් අයින් වෙලා තම ජීවිතය ගත කරන්නේ. උමාලි තිලකරත්න පසුගිය රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ සම්මානය ලබා ගැනීමෙන් පසුව සියලුදෙනාටම මේ විදියට අදහස් දැක්වූවා.

” අපි ආදරය කරනවනම් නිදහසේ ආදරය කරන්න ඕනි. වෙන කිසි කෙනෙක්ට කරදරයක් නොකර. අද කාලේ අපිට ගොඩක් දකින්න ලැබෙන්නේ තමන් ආදරේ කල කෙනා තමන්ව දාලා ගියොත් ඒ කෙනාට වෛර කරනවා. පෙරලා ක්‍රෝධ කරනවා. ඉතින් මම හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලන්නේ එහෙම කරන්න එපා කියලා.”

ඉතින් දක්ෂ රංගන ශිල්පිනී උමාලි තිලකරත්න මේ විදියටයි වේදිකාව උඩදී ඇගේ අදහස් සදහන් කරලා තිබුණේ. ඇය අදහස් දැක්වූ එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය හරහා බෙහෙවින් සංසරණය වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *