Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට ඩ්‍රීම් ස්ටාර් එකෙන් ලැබුණු ලක්ෂ 16 අම්මගෙ සැත්කමට වියදම් කලා, මට ඒ සල්ලි නැති වුනාට මගෙ අම්මා ඉන්නවා

රියැලිටි තරගාවලි වලින් එළියට එන ගායකයන් කාලෙන් කාලෙට ක්ශේෂ්ත්‍රයට එනවා යනවා. ඒ අතරේ එදා සිට අද දක්වාම ගායන ක්ශේෂ්ත්‍රයේ සාර්ථක ගමනක් යන ඔහු ජනප්‍රිය ගායන ශිල්පී උදේශ් ඉන්දුල. ඔහු ගායනා කල ‘ළං වෙලා හිම සීතේ’ ගීතයට අපේ රසිකයින් තවමත් ආසාවෙන් අහන ගීතයක් තමයි ඒ.

ඉතින් ගායනය පමණක් නෙමෙයි වාදනය, නර්තනය කියන මේ හැම අංශයකටම දක්ෂතා දක්වන කෙනෙක් තමයි උදේශ් ඉන්දුල කියන්නේ. ප්‍රේක්ෂකයින්ගෙන් ඉතා ඉහළ ආදරයක් ලැබෙන උදේශ්ට අහන්න ලැබෙන්නේ නිහතමානී ගායකයෙක් කියලා. ඉතින් ඔහු එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී ඔහුගේ අම්මා ගැන කියලා තිබුණේ මේ වගේ අදහසක්.

” අපෙ අම්මා ඉස්සර මම ස්ටේජ් එකේ සිංදු කියනකොට එයා නිදියනවා. මම ගෙදර ඇවිත් අහනවා ඇයි අනේ ඔයා නිදි කියලා. මම ඩ්‍රීම් ස්ටාර් වෙලා ටික කාලයක් ගියාම අම්මා පැරලයිස් වෙනවා. ඊට පස්සේ අම්මට සැත්කමක් කරන්න වෙනවා. ඒකට මට හම්බුණු ලක්ෂ 16යි තව මම එකතු කරගත්ත සල්ලියි දාලා වැඩේ කලා. දැන් අම්මා මට කියනවා ඒ සල්ලි අම්මගෙ ලෙඩේට වියදම් කරන්න වුනා නේද කියලා. මම කියන්නෙ මට සල්ලි නැති වුනාට අම්මා ළග ඉන්නවනේ කියලා.”

මේ විදියටයි ජනප්‍රිය ගායක උදේශ් ඉන්දුල සංවේදී වෙමින් අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *