Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපි දෙන්නා එකම වයසේ, අවුරුදු 19 දි අපි මුණ ගැහුනේ, මම මුල් කාලේ බදින්න අදිමදි කලා

රියැලිටි තරගයකින් බිහි වුණු තරුවක් විදියට එදා සිට අද දක්වාම කාගේත් ආදරය ලබා ගන්නට වාසනාවන්ත වුණු ඔහු ජනප්‍රිය ගායක උදේශ් ඉන්දුල. දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 1 තරගාවලියේ කිරුළ හිමි කරගන්නට වාසනාවන්ත වුණි උදේශ් ඉන්දුල ප්‍රේක්ෂකයන් අතර ගායකයෙක් විදියට ජනප්‍රිය වෙනවා වගේම මේ වන විට පියෙක් විදියට අවුරුදු දෙක හමාරක පුංචි පුතෙකුට ඔහුගේ වගකිම් ඉටු කරනවා.

ඉතින් එදා සිටම අද දක්වාම උදේශ් ඉන්දුල ගායන ශිල්පියාට හැමෝම එක වගේ ආදරය කරන්නේ ඔහුගේ නිහතමානීත්වයට. ඉතින් ගායනය වගේන නර්තනයත් හොදින් හදාරලා තියෙන ඔහු නර්තනය තුලිනුත් සමාජ මාධ්‍ය හරහා දකිනවා. මේ හැමදේටම ඔහුගේ සාර්ථකත්වයට පිටු පසින් සිටින්නේ ඔහුගේ බිරිද දිල්හාරා. බිරිදත් නර්තනයට දක්ෂතා දක්වන කෙනෙක්.

ඉතින් දිල්හාරා සහ උදේශ් පවුල ජීවිතය තුළ පුතා සමගින් ජීවිතය හොදින් සතුටින් ගත කරද්දී උදේශ්ට බිරිද හමුවුණු ආකාරය ගැන ඔහු මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපි දෙන්නම එකම වයසේ. අපි දෙන්නට දෙන්නා මුණ ගැහෙන්නේ වයස අවුරුදු 19 දි. මම ඩ්‍රීම් ස්ටාර් ඉවරවෙනකොට එයා සිටි ඔෆ් ඩාන්ස් වැඩ සටහනට සහභාගි වුණා. ඔය අතරෙදි කතා බහ කලා. ආයේ කතා නොකර හිටියා. ආයෙම කතා කරන්න පටන් ගත්තා. දෙන්නට දෙන්නා නොදැනුවත්ව ආදරේ කරලා. දිල්හාරා මගෙන් ඇහුවා මොකද්ද අපි නේ ආශ්‍රය කරන එකේ තේරුම් කියලා. මම කිව්වා විවාහ වෙමු කියලා.

ගෙවල් වලිනුත් කැමති වුනා. 2019 දි අපි බැන්දේ. ඒ වුනාට මම අදිමදි කලා විවාහ නොවී තව ටික දවසක් ඉමු කියලා. එයාගෙ කාලය අපරාදේ නිසා අපි විවාහ වුණා. අපේ ආශ්‍රයට අවුරුදු 15 ක් වුනාට ආදරේ කරලා විවාහ වෙන්නේ අවුරුදු කීපයකින්. පුතා නිදාගන්න හොර නිසාම මම තමයි නිදි කරවන්නේ. මම ඉදලා හිටලා නර්තනයේ යෙදෙනවා. බිරිද ඒවා සමාජ මාධ්‍ය වල දානවා.”

මේ විදියටයි උදේශ් ඉන්දුල ඔහුගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *