රැවුල වැවිලා, බඩ ඇවිල්ලා මගේ පෙනුම කැත වුනාට මට ජනප්‍රියම නලුවා වෙන්න පුලුවන් වුනා
දක්ෂ රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් විදියට කොයි කා අතරත් ආකර්ෂණයට ලක් වුණු ඔහු නමින් උද්ධික ප්‍රේමරත්න. ඔහු සිනමාව පුංචි තිරය කියන මේ හැම ක්ශේෂ්ත්‍රයකම දක්ෂතා දක්වපු ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඉතින් ඔහු ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක් තමයි ‘රෂ්’ කියන්නෙ.

ඉතින් රංගනයෙන් පසුව දේශපාලනයටත් පිවිසුණු උද්ධික මේ වන විට පුංචි තිරය හරහා රසික ආදරය ඉහලින්ම ලබා ගන්නේ ‘පාර දිගේ’ ටෙලිනාට්‍යය හරහායි. එහිදී ඔහු තම රංගන දක්ෂතාවද මැනවින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන යනවා වගේම උද්ධිකට හිටපු රසිකයින් තව තවත් ඔහු ගැන කතා කරන්නට වුණේ මේ ටෙලිනාට්‍යය හරහායි.
ඉතින් පසුගිය දා පැවති සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නලුවා විදියට සම්මානය හිමිකම් කරගන්නට වාසනාවන්ත වෙනවා. ඒ වගේම ඔහු දක්ෂ නලුවා ලෙසින් මීට පෙර සම්මාන හිමිකරගත්තද ජනතාවගේ ආදරය සහිත සම්මානයක් හිමි කරගැනීම ඔහුට විශේෂත්වයක්. ඉතින් සම්මානය ලබා ගැනීමෙන් පසුව ඔහු සහභාගි වූ රූපවාහිනී වැඩ සටහනකදී මේ චරිතය වෙනුවෙන් ඔහුට ලැබුණු සම්මානය ගැන මේ විදියටයි උද්ධික ප්‍රේමරත්න අදහස් දක්වලා තිබුණේ.

” ඇත්තටම ජනප්‍රිය නලුවා වෙනවා කියන්නේ ලස්සන ස්වරූපයක් තියෙන්න ඕන. මගේ හැටි. මූණ මහත් වෙලා, රැවුල වැවිලා, බඩ ඇවිල්ලා මගේ පෙනුම කැත වෙලා තියෙන්නේ. ඉතින් ඒත් මට ජනප්‍රියම නලුවා වෙන්න පුලුවන් වුණා. ඒ ගැන මට සතුටුයි.’’
මේ විදියටයි උද්ධික ප්‍රේමරත්න ජනප්‍රියම නලුවා විදියට සම්මානය ලබා ගැනීම ගැන අදහස් දක්වලා තිබුණේ.