Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම මගෙ අයියගෙ මගුල් ගෙදර හැරුණු කොට කිසිම සාදයකට ගිහින් නෑ, මම කැමති තනියම ඉන්න

පසුගිය දා පැවති සුමති සම්මාන උළෙලේ 2020 වසරේ හොදම ටෙලිනාට්‍යය නිළිය විදියට සම්මානය හිමි කරගන්නට වාසනාවන්ත වුණු ඇය උදාරි වර්ණකුලසූරිය. එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘බොද මීදුම්’ ටෙලිනාට්‍යය හරහා කලා ගමන ආරම්භ කල උදාරි මේ වන විට සිනමාව සහ ටෙලි තිරය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

ඉතින් ඇය රංගනයෙන් දායක වුනු චිත්‍රපට හතක් අටක් පමණ මේ වන විට තිරගත වීමට නියමිතව තිබෙනවා. සැමියා සහ දියණිය සමගින් විදෙස් රටක පදිංචි වෙලා ඉන්න උදාරි කලා කටයුතු සදහා ලංකාවට කාලෙන් කාලෙට එනවා.

ඉතින් තමන්ට කරන්න දෙයක් තියෙන චරිත පමණක් භාර ගන්න උදාරිගේ රංගන ජීවිතයේ ගුරුවරයා ජැක්සන් ඇන්තනී මහතා කියලයි ඇය සදහන් කරන්නේ. ඒවගේම ඇය එතුමාගෙන් රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. ඉතින් උදාරි වැඩිපුර උත්සව සහ පාටි අවස්ථාවන්හී දැක ගන්නට ලැබෙන්නෙ නෑ. ඒ ගැන උදාරි එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණෙ මේ විදියටයි.

” මම කොන්වන්ට් එකක ඉගෙන ගෙන ස්කූක් වෑන් එකක ඉස්කෝලේ ගිහින් ආයේ ඒ වාහනේම ගෙදර ඇවිත් ටියුෂන් පවා ගෙදර ගෙනල්ල කරපු අතීතයක් තමයි මට තියෙන්නේ. මට යාලුවෝ හිටියට ගෙවල්වලට ගිහින් ඇසුරු කරපු යාලුවෝ හිටියෙ නෑ. මම කැමති තනියම ඉන්න. අනික මම පොඩි කාලේ ඉදන්ම තනියම හැදුනු කෙනෙක්. සමාජයක් තිබුණෙ නෑ. මගේම අයියගෙ මගුල් ගෙදර හැරෙන්න මම කිසිම සාදයකට ගිහින් නෑ. ඒක මගේ ප්‍රතිපත්තියක්.”

මේ විදියටයි උදාරි වර්ණකුලසූරිය ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *