මට කට්ටිය ගොඩේ කිව්වත් හිරට, කලවා පේන්න ඇදුම් අදින්නෙ නෑ
සිනමාවේත් පුංචි තිරයේත් චරිතාංග රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂකයා අතරට එන ඇය උදාරි වර්ණකුලසූරිය කියන්නේ සම්මානනීය රංගන ශිල්පිනියක්. බොද මීදුම් ටෙලිනාට්‍යය ඇතුලු නිර්මාණ ගණනාවකින් ප්‍රේක්ෂකයා අතරට ආව උදාරි සිගප්පූරුවේ සහ ලංකාවේ විටින් විට ජීවත් වෙනවා. මේ වන විට ඇය ලංකාවේ හිටියත් සැමියා සහ දියනිය සිංගප්පූරුවේ නිසා උදාරිත් නැවත යන්න සූදානමින් ඉන්නේ.

ඉතින් රංගන ක්ශේෂ්ත්‍රය තුළ උදාරි එකිනෙකට වෙනස් වූ චරිත රංගනය කරනවා වගේම ඇය බාර ගන්න චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන කෙනෙක්. ඒ වගේම ඇය රංගනයෙන් දයක වුනු සිනමා නිර්මාණ 8 ක් ඉදිරියේදී තිරගත වෙන්න සූදානමින් තියෙන්නේ. කාලෙන් කාලෙට එන විලාසිතා නොකර තමන්ගේ අභිමතය පරිදි විලාසිතා කරන උදාරි ඇය කරන විලාසිතා ගැන මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට සැමියා තහංචි දාන්නෙ නෑ කිසිම දේකට. මට චරිතයක් ලැබුණු ගමන්ම මම එයාගෙන් අහනවා මෙහෙම එකක් තියෙන්නෙ කියලා. එයා මොකුත් කියන්නෙ නෑ. එයා දන්නවා මම වැරැද්දක් කරන්නෙ නෑ කියලා. කවුරුහරි මට ගොඩේ කියලා කිව්වත් මම කරන්නේ මට කැමති විලාසිතා. මම කර පේන්න කොටට ඇදුම් අදිනවා. නමුත් කලවා පේන්න, අනවශ්‍ය විදියට ශරීරය නිරාවරණය වෙන්න ඇදුම් අදින්නෙ නෑ. එහෙම ඇන්දොත් හස්බන්ඩ් අනිවාරෙන් එපා කියනවා.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය ඇගේ අදහස් දක්වලා තිබුණේ.