මම උදාරිව පාලනය කරන්නෑ, එයාට නිදහස දීලා තියෙන්නේ – ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරිගේ ආදරණීය සැමියා
ටෙලි තිරය, සිනමාව තුළ අතිශය දක්ෂතා පෙන්වා සම්මාන පවා ලබා ගන්නට සමත් වුණු ඇය තමයි දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය කියන්නේ. ඇය රංගනය කල ටෙලිනාට්‍යය අතර එදා ප්‍රේක්ෂකයන් බෙහෙවින් ප්‍රිය කල බොද මීදුම් ටෙලිනාට්‍යය තවමත් අපේ හදවතේ රැදී තිබෙනවා.

ඉතින් ඒ වගේම සිනමා නිර්මාණ ගණනාවක ඇය රංගනය කලා වගේම කලා ක්ශේෂ්ත්‍රය තුළ හිමින් ගමනක් යන නමුත් ඉතා සාර්ථක විදියට ඇගේ රංගන ජීවිතය ගලාගෙන යනවා. ඒ විදියට අපි කවුරුත් ආදරේ කරන උදාරිගේ සැමියා සහ දියනිය විදෙස් ගත වෙලා සිටින නිසා ඇය කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න ලංකාවට එනවා. කාලයක් ලංකාවෙත් ජීවත් වෙන උදාරි මේ වන විට ආදරණීය දියනියකගේ මවක්.
නමුත් තවමත් සුරුපිනියක් වන උදාරි කිසිම සත්කාරයක් මුහුණ වෙනුවෙන් කරන්නෙ නෑ කියලයි ඇය සදහන් කලේ. ඉතින් උදාරි වර්ණකුලසූරියගේ ආදරණීය සැමියා ඇය ගැන මේ විදියටයි රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට උදාරි පෙම්වතිය විදියට චරිතය රංගනය කරන එකට ඉරිසියා හිතෙන්නෙ නෑ. මම හිතන්නෙ එතන තමයි තේරුම් ගැනීම තියෙන්නේ. ඉතින් මම එයාට උපරිම නිදහස දීලා තියෙන්නේ. මම එයාව පාලනය කරන්නෑ. කලාව තුල මම එයාට ලොකු සහයෝගයක් ලබා දෙනවා.”