අවුරුදු 12 කට කලින් මම සල්ලි හම්බ කලේ මඟුල් ගෙවල්වල ජය මංගල ගාථා කියලා
නිරූපන ක්ශේෂ්ත්‍රයේ කා තුලත් කැපී පෙනෙන චරිතයක් වන ඇය නමින් ත්‍රිකලා ධරනී. මේ වන විට නිරූපන ශිල්පිනියන් කොතෙකුත් බිහි වුණත් ඇයට මිනිසුන් අතර හිමි ස්ථානයනම් කිසි සේත් අඩුවෙන්නේ නෑ. ඒ තරමටම හැමෝම ආදරය කරන ත්‍රිකලා ධරනී කියන්නේ සමාජ මාධ්‍ය තුලත් හැමෝම කතා බහ කරන චරිතයක්.

පොඩි කාලේ ඉදලම තම බලාපොරොත්තු මල් ඵල ගන්වන්න මහන්සි වෙලා වැඩ කරන නිරුපන ශිල්පිනී ත්‍රිකලා ධරනි ගැන හැමෝම කතා කරන්නට වුණේ ඇය මුලින්ම රෝස පාට රේන්ජ් රෝවර් එකක් මිළදී ගත්තයින් පසුව. වෙන කාගෙන්වත් සත පහක්වත් නැතුව තමන්ම උපයපු සල්ලි වලින්ම ඉතාම වටිනා රේන්ජ් රෝවර් එකක් ඇය මිලදී ගැනීම නිසා ඇයගැන හැමෝම කතා කරන්නට වුණා.
ඉතින් පසු ගිය කාලයේ විවිධ වැඩ මුලු පවත්වා සුරූපිනියන් තෝරපු ත්‍රිකලා ධරනී මේ වන විට ආදරණීය මවක්. ඇය සදහන් කරන ආකාරයට මේ හැම අවස්ථාවක්ම ජයග්‍රහණය කරගන්නට ඇයට හැකි වුණේ විවාහයෙන් පසුව කියලයි ත්‍රිකලා ධරනී කියන්නේ. ඉතින් ඇගේ පැරණි ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා. ඒ ගැන ඇය මුහුණු පොතේ සටහනක් පළ කරලා තිබුණා.

” ගොඩක් දෙනෙක් අහලා තිබුණා මේ ඡායාරූපයේ ඉන්නෙ මමද කියලා. ඔව් මේ මම තමයි ඉන්නේ. මීට අවුරුදු 12 කට කලින් මම ගත්ත එකක්. මම ඉස්කෝලේ යනකාලේ මුදල් හම්බ කලේ මගුල් ගෙවල්වල ජයමංගල ගාථා කියලා. ලෝකයට ඔයා උපදින්නේ ඔයාට ඕන විදියට නොවුනට පස්සේ ඔයා ඔයාට ඕන විදියට හදා ගන්න.”
මේ විදියටයි ත්‍රිකලා ධරනී ජනප්‍රිය සුරූපී නිරූපන ශිල්පිනිය අදහස් දක්වලා තිබුණේ.