මට අවුරුදු 17 වෙනකම් අපේ ගෙදර වාහනයක් තිබුණෙ නෑ, අපි සාමාන්‍ය පවුලක්
නිරූපන ක්ශේෂ්ත්‍රයේ දිගු දුරක් ඇවිත් ලොකු නමක් හදාගත්ත ඇය නිරූපන ශිල්පිනී ත්‍රිකලා ධරනි. ත්‍රිකලා ධරනී ගැන හැමෝම කතා කරන්නට වුණේ රෝස පාට රේන්ජ් රෝවර් එකක් නිසා. ඉතින් රෝස පාට රේන්ජ් රෝවර් එක නිසා එක රැයකින් ජනප්‍රිය වුණු ත්‍රිකලා ධරනි මේ වන විට විවාහක කාන්තාවක්.

ලංකාවෙන් පළමුවෙන්ම ලෝක විවාහක රූ රැජින තරගාවලියකට සහභාගි වුණු කෙනෙක් හැටියට ඇය කුඩා කාලයේ සිටම අනාගතය වෙනුවෙන් ප්ලෑන් කරන කෙනෙක්. තමන්ගේ වියදම තමන් විසින්ම සකසා ගත්ත ත්‍රිකලා ධරනීගේ ජීවිතයෙන් ප්‍රේක්ෂක අපිට ගන්න හොද ආදර්ශයන් තියෙනවා. ඉතින් ත්‍රිකලා ධරනී ඇගේ ජීවිතයේ හීන පසුපස ගිහින් ඒවා සාක්ෂාත් කරගත් ආකාරය ගැන කිව්වේ මේ විදියටයි.
” මම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ආවම A සාමාර්ථ මම ළමයින්ම පන්ති දැම්මා. ඒක තමයි මගේ ජීවිතේ පළමු රස්සාව. පොඩි කාලේ ඉදලා මගේ හීනේ වුණේ හොද ලක්ෂරි වාහනයක් ගන්න. මම පාඩම් කරන පොත් මේසේ ඉස්සරහ තමයි ඒ ෆොටෝස් ගහගෙන තිබ්බේ. මම සාමාන්‍ය පවුලක ජීවත් වුණේ. අපිට රෝද හතරක් ගන්න ලොකු කාලයක් ගියා. මට මතක හැටියට මට අවුරුදු 17ක් වගේ කාලෙකදි තමයි අපේ ගෙදරට වාහනයක් ගත්තේ. ඉස්සර මම කැමති නෑ ඒ වගේ වාහනයක් යන්න. මට ඕන මගේ හීනේ තිබ්බ වගේ වාහනේක යන්න. ඒකට මම උත්සහ කලේ.”

මේ විදියටයි ජනප්‍රිය නිරූපන ශිල්පිනී ත්‍රිකලා ධරනි ඇගේ අදහස් දක්වලා තිබුණේ.