Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ජීවිතේ ලබපු ලොකුම තෑග්ග තමයි කොච්චි කියන නම, ගුවන්විදුලියේ ප්‍රථම වතාවට කිස් එකක් දෙන්න ඉදිරිපත් වුණේ මම

නම තිළිණි පූර්නිමා වුනත් හැමෝම ඇයව දන්නේ කොච්චි කියලා. මේ දිනවල නිවේදිකාවක් විදියට ඇයව දැක ගන්න ලැබෙන්නේ ස්වාධීන රූපවාහිනියේ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහන හරහා. නමුත් ගුවන් විදුලි නිවේදිකාවක් විදියට මුල් කාලේ හිටියත් ඇය මේ වන විටනම් ගුවන්විදුලියේ වැඩ කරන්නේ නෑ. ඉතින් පවුලේ එකම ළමයා විදියටයි අහිංසක දරුවෙක් විදියට හැදී වැඩුණු තිළිණි පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ ඉන්ජිනේරුවරියක් වෙන්න.

දෙක වසරේ ඉදලා රගපාලා තියෙන තිලිණිගේ ඇතුලෙ ඉන්න නිවේදිකාව එළියට එන්නෙ පහ වසරෙදි. ස්වාධීන රූපවාහිනියේ ලහිරු මඩලට සම්බන්ධ වුනාට පාසල තුළ නිවේදිකාවක් බවට පත් වෙන්නෙ නෑ. ඉතින් ඉන් පසුව රන් එෆ් එම් නාලිකාවට සම්බන්ධ වීමෙන් අනතුරුව තමයි වෘත්තීය නිවේදිකාවක් බවට ඇය පත් වෙන්නේ.

ඉතින් කොච්චි හෙවත් තිළිණි ඇගේ ජීවිතයේ තොරතුරු මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට කියලා තිබුණේ.

” මම හැමවෙලාවෙල හිනා වෙලා ඉන්නේ. හිතේ කොච්චර දුකක් තිබ්බත් කොච්චර ඇඩුවත් හිනා වෙලා ඉන්නවා. මගේ ජීවිතේ ලබපු ලොකුම තෑග්ග තමයි කොච්චි කියන නම්. මාව ගොඩක් අය අතරට ගියේ ඒ නම නිසා. මම හොද වගේම නරකත් අහලා තියෙනවා. ගුවන් විදුලියේ ප්‍රථම වතාවට කිස් එකක් දෙන්න ඉදිරිපත් වුණු පළමු කෙනා තමයි මම. අපි කෙනෙක්ව කිස් කරන්නේ ඒ කෙනා අපිට සමීප නිසානේ. මට මිනිස්සු බැනලා තිබුණා.”

මේ විදියටයි ජනප්‍රිය නිවේදිකා කොච්චි එහෙම නැතිනම් තිළිනි පූර්නිමා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *