අපි බැදලා අවුරුදු 5 ක් දරුවො හදන්නැතුව හිටියා ට්‍රැවල් කරන්න
ගායන ශිල්පියෙක් විදියට වර්තමානයේ ඉතාම ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ. ඔහු ගායනා කරන ගීත අතර බොහෝ දෙනා ආදරය කරන ගීත විදියට සායම් කිරිල්ලී, සද රේනු ගලන, අයෙත් හඩන්න, ඔබ තරම්, දන්නවද මේ ඇස් වැනි ගීතවලට බොහෝ දෙනා ආදරය කරනවා.
ඉතින් ප්‍රාසාංගික වේදිකාව තුල නැතුවම බැරි ගායකයෙක් විදියට තීක්ෂණ අනුරාධ කොයි කාගේත් ආදරය ලබනවා වගේම ඔහු මේ වන වුට විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වනවා. ඉතින් අනුරාධිකා සමගින් විවාහ වුණු තීක්ෂණ මුලින්ම ඔහුගේ ජීවිතයට සම්බන්ධ කරගන්න බිරිදගේ මුලීක ලක්ෂණය විදියට බැලුවේ ඇගේ හඩ කනට මිහිරිද කියලා.

ඒ විදියට බලලා විවාහ වුණු තීක්ෂණ සහ අනුරාධිකා මේ වන විට ඉතාම සතුටින් ජීවිතය ගත කරනවා. ඔහු ජීවිතයේ හැම දෙයක්ම යම් කිසි ප්ලෑන් එකකට සිදු කරමින් ඉන්න නිසා විවාහයෙන් පසුව දරුවො හදන්නත් කලින් සිටම සූදානම් වෙලා හිටපු ආකාරය ගැන මේ විදියටයි තීක්ෂණ අනුරාධ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මම ඉස්කෝලේ යන කාලේ ඉදන්ම මගේ අනාගත සහකාරිය වෙන්න ඕන මෙහෙම කෙනෙක් කියලා ප්ලෑන් කලා. මගේ ජීවිතේම ප්ලෑන් එකකට හැම දෙයක්ම කරන්නේ. මමයි බිරිදයි විවාහ වෙලා අවුරුදුබ්5 ක් දරුවො හධන්නැතුව හිටියා. ඒ අපි දෙන්නම කැමතියි ට්‍රැවල් කරන්න. ඉතින් ඒ විදියට ජීවිතේ විදිමින් කොළඹින් ඉඩමක් ගන්න සල්ලි එකතු කලා. ඊට පස්සේ තමයි ළමයෙක් හදන්න පටන් ගත්තේ.”

මේ විදියටයි ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධ ඔහුගේ අදහස් දක්වලා තිබුනේ.