Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ පුතා මෙලොව එලිය දකිනකොට අඩාගෙන නෙමෙයි ආවේ, දැන් පුතාට අවුරුදු 7 යි

පුංචි තිරයේ ආදරණීය අම්මා විදියට මේ වන විට අපේ ආලින්දයට එන ඇය සුරූපි රංගන ශිල්පිනියක් තමයි තරුෂි පෙරේරා කියන්නේ. ඇය රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍යය විදියට සිරස නාලිකාවේ නීල පබළු ටෙලිනාට්‍යය සහ දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය පෙන්වා දෙන්න පුලුවන්. ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන තරුෂිට ආදරණීය අම්මා විදියට තමයි කාගෙත් ආදරය ලැබෙන්නේ.

ඉතින් තරුෂි පෙරේරා මේ වන විට ඇගේ සැබෑ ජීවිතෙත් ආදරණීය මවක්. ඇය ප්‍රාර්ථනා කල ආකාරයටම ආදරණීය පුතෙක් ලැබුණා. ඉතින් විවාහ වෙන්නෙ නෑ කියලා හිතන් හිටපු තරුෂි විවාහයට පෙළඹුනේ ඇගේ නංගිලා දෙන්නම විවාහ වුනයින් පසුවයි. අම්මෙක් වෙන්න ආසාවෙන් තමයි තරුෂි විවාහ වෙන්නේ. ඇගේ පුතාගේ මෙලොවට බිහිවීම ඇයට අමතක කරන්න බැරි මතකයක්. ඒ ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” හැමෝම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ දරුවා මෙලොවට බිහි වෙද්දී අඩාගෙන එනවටනෙ. මගේ පුතා ඇඩුවෙ නෑ. මට පුදුම බයක් හිතුනෙ ඒ වෙලාවේ. ඊට පස්සේ චූටි වෙලාවකින් එයා ඇඩුවා. ඒ සතුට මට කියාගන්න බෑ. මට හුස්ම ගන්නවා වගේ දැනුනෙ එතකොට. දැන් මගේ පුතාට වයස 7 යි. මම මගේ ජීවිතේ වැඩි ඉඩ තියෙන්නේ මගේ පුතාට.’’

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී තරුෂි පෙරේරා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *