Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මාව හදලා බලාගත්තු මගේ අම්මා මාව දාලා ගියානම් මට වෙන කිසි කෙනෙක්ව ලොකු නෑ

පුංචි තිරය හා සිනමාව තුලින් සිය රංගන කුසලතා විදහා දක්වපු රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ. ඇයව මේ දිනවල පුංචි තිරය හරහා ප්‍රේක්ෂක අපේ ආලින්දයට එනවා. ඒවගේම පසු ගිය දා ඇය ගැන වැඩිපුර කතා බහට ලක්වුනේ ඇය රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණය හරහායි.

මේ දිනවල තරින්දිව දැක ගන්න පුලුවන් ටෙලිනාට්‍යයක් තමයි හිරු නාලිකාවේ විකාශය වන ‘රැල්ල වෙරලට ආදරෙයි’ ටෙලිනාට්‍යය. ඉතින් මේ ටෙලිනාට්‍යය හරහා ඇගේ දක්ෂ රංගනයක් ප්‍රේක්ෂක අපිට දැක බලා ගන්න පුලුවන්. ඒ වගේම තරින්දි රංගනයෙන් දායක වුණු ප්‍රධාන චරිතයක් විදියට සුරංග ද අල්විස්ගේ ‘ද ගේම්’ චිත්‍රපටය හදුන්වා දෙන්න පුලුවන්.

ඉතින් තරින්දි ප්‍රනාන්දු කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. පසු ගිය කාලයේ ඇය ක්ශේෂ්ත්‍රයේ රංගන ශිල්පියෙක් සමගින් තිබුණු ආදර සබදතාවක් බිද වැටීම නිසා ඇය ගැන කවුරුත් කතා කරන්න වුනා. එවන් අවස්ථාවක ඇය ඒ සදහා මුහුණ දුන්න ආකාරය ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මාව හදලා වඩලා ආදරෙන් බලා ගත්තු මගේ අම්මා මාව දාලා ගියානම් වෙන කෙනෙක් දාලා යන එක අහන්න දෙයක්ද. ඉතින් මම එහෙම හිතලා තමයි හිත හදාගත්තේ. අනික මගේ ලගින්ම හිටපු අම්මා මාව දාල ගියානම් මට වෙන කෙනෙක් ලොකුත් නෑ. දෙන්නෙක්ට එකට ඉන්න බැරිනම් වෙන් වෙන්න ඕන. මම ඒ දවස්වල ඇඩුවා තමයි. ඒත් ගොඩක් බිසී වෙන්න කියලා මට කට්ටිය කිව්වේ. ඉතින් එහෙම වෙලා කොහොමහරි මම හිත හදා ගත්තා.”

මේ විදියටයි තරින්දි ප්‍රනාන්දු ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *