දැනට මට ආදරයක් නෑ, අපේ ළගම ඉන්න අය තමයි අපිට ඊර්ෂ්‍යා කරන්නේ
පුංචි තිරය, සිනමාව තුළ තම රංගන කුසලතාවයන් පෙන්නුම් කරන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දු. ඉතාම කෙටි කාලයක් තුළ රංගන ක්ෂේත්‍රයේ විවිධ චරිත රංගනයන් ගෙනහැර දක්වලා සම්මාන පවා හිමි කරගන්නට වාසනාවන්ත වුණු තරින්දි පසුගියදා පැවැත්වුනු සුමති සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළිය විදියට සුදුසුකම් ලැබුවා.

ඉතින් තරින්දිව මේ දිනවල පුංචි තිරය හරහා දැකගන්නට ලැබෙන්නේ ‘කී’ ටෙලි නාට්‍ය හරහා වගේම ‘රැල්ල වෙරලට ආදරෙයි’ ටෙලි නාට්‍යය තුළින්. එකිනෙකට වෙනස් ම චරිත රංගන පරාසයන් තුළ තිබෙන චරිත පමණක් තෝරා ගන්නා තරින්දි බොළඳ අහිංසක පෙම්වතියගේ චරිතය නම් රංගනය කරන්නට කිසිම කැමැත්තක් නෑ කියලයි ඇය සඳහන් කරන්නේ.
ඉතින් පසුගියදා කාගේත් වැඩිපුර කතාබහට ලක් වුණ සුරංග ද අල්විස් මහතාගේ සිනමා නිර්මාණයක් වන ‘ද ගේම්’ චිත්‍රපටය හරහාත් තරින්දිට ප්‍රේක්ෂකයන් අතරට එන්න හැකියාව ලැබුණා. ඉතින් මේ තුළින් ඇයගේ රංගන කුසලතාව වගේම නර්තන හැකියාවත් හොඳින් විදහා පාන්නට අවස්ථාව ලැබුණා. ඉතින් තරින්දි ගැන පසුගිය කාලයේ විවිධ කට කතා නිර්මාණය වුණත් ඇයට තවම ආදරයක් නම් නැහැ. ඒ ගැන තරින්දි කිව්වේ මේ වගේ අදහසක්.

” තවම මට ආදරයක් නැහැ. ඒ වගේ ආදරයක් ලැබුණු දවසක තමයි ආදරේ ගැන කියන්න වෙන්නේ. රංගන ක්ෂේත්‍රයේ ගොඩක් දෙනාට විවිධ විවේචන එල්ල වෙනවා. ඒ ගැන වැඩිය හිතන්න ඕන නෑ. ගොඩක් අපේ ලඟම ඉන්න කට්ටිය තමයි අපිට ඊර්ෂයා කරන්නේ. මට ලැබෙන හැම කටකතාවක් ම මම භාර ගන්නේ ධනාත්මකව.”