මට මේ වෙනකොට ආදර සම්බන්ධතා 4ක් තිබිලා තියෙනවා දැන් එකත් එක්ක, දැන්ම එයා ගැන කියන්න බෑ කසාද බදිනකම්
නිරූපන ශිල්පිනියක් විදියට වගේම රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රය තුල දකින්න ඉන්න නිහතමානී චරිතයක් තමයි ටීනා ශනෙල් කියන්නේ. ඇය විවිධ මියුසික් වීඩියෝ හරහා සරාගී විදියට ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයාට දැක බලා ගන්න පුලුවන්. ඉතින් ඒ වගේම රංගන ශිල්පිනියක් විදියටත් ටීනා මේ දිනවල පුංචි තිරය හරහා අපේ ආලින්දයට එනවා.
හිරු නාලිකාවේ සති අග විකාශය වෙන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ දැක ගන්න ලැබෙන ටීනාව බාහිරින් කෙනෙක් දැකපු ගමන් ඇය විනිශ්චය කරන්න එපා කියලා තමයි ඇයනම් සදහන් කරන්නේ. ගොඩක් අය ඇයව දකින්නේ ක්ලබ් යන, බොන, ආඩම්බර කෙනෙක් කියලා හිතුවට ටීනා කියන්නේ ඇය හරිම සරල සාමාන්‍ය කෙනෙක් කියලයි.

ඉතින් ටීනා ශනෙල්ට මේ වන විට පෙම්වතෙක් ඉන්නවා. ඔහු ගැන දැන්ම ප්‍රේක්ෂකයන්ට කියන්න ඇය සූදානම් නැහැ. ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” මට දැන් පෙම්වතෙක් ඉන්නවා. මම කිසිම තැනක ඒක හංගලා නෑ. නමුත් මට ඒ කෙනා ගැන දැන්ම කියන්න බෑ මොකද දැනට අපේ අදහස් ගැලපුනාට ඉදිරියේදී මොනවා වෙයිද දන්නෙ නෑනේ. ඒ නිසා කසාද බැන්දම තමයි කියන්නේ. මට ඉදලා තියෙනවා බටහිර පන්නයේ විදියට ජීවත් වෙන බෝයි කෙනෙක්. එයා ක්ලබ් යන මට බොන්න කියන, බීල කරදර කරන කෙනෙක්. මම හිතන්නේ එහෙම කෙනෙක් මට ආදරේ නෑ කියලයි.

මට දැන් කෙනත් එක ආදර සබදතා 4ක් තිබිලා තියෙනවා. මේකවත් විවාහයෙන් කෙලවර වෙයි. මේ හතර තිබුණේ එකම කාලෙකදි නෙමෙයි. නැත්නම් මිනිස්සු හිතයි හතරම එක ළග තිබ්බද කියලා.’’
මේ විදියටයි ටීනා ශනෙල් අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි ජීවිතයට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.