Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ටනාශා ශූටින් කරද්දි නිකන් දුන්න රෝල්ස් එක මට දීලා 100 රීලෝඩ් එකක් දා ගන්න හැදුවා

නිවේදකයෙක්, රංගන ශිල්පියෙක් විදියට ක්ශේෂ්ත්‍රයේ කොයි කවුරුත් හදුනන ආකර්ෂණීය පෙනුමක් තියෙන ඔහු කඩවසම් රංගන ශිල්පී සුමිරාන් ගුණසේකරයි. වොයිස් වේදිකාවේ ආකර්ෂණීය නිවේදකයා පුංචි තිරයේ ටෙලිනාට්‍යය හරහා දැක ගන්නට ලැබෙන්නේ ‘නීල පබළු’ ටෙලිනාට්‍යය තුලින්.

ඉතින් කාගේත් ආදරය ලබා ගන්න සුමිරාන් මේ වන විට විවාහ වෙලා ආදරණීය පියෙක්ද වෙනවා. ඒ කොහොම වුණත් ක්ශේෂ්ත්‍රයේ කා එක්කත් ඉතාම සහයෝගයෙන් සුහදශීලීව වැඩ කටයුතු කරන සුමිරාන් ක්ශේෂ්ත්‍රයේ ඉතාම ලගින් ඇසුරු කරන මිතුරියක් තමයි සුරූපි නිළි ටනාශා හතරසිංහ කියන්නෙ. ඇයත් සමග සුමිරාන් රංගනය කරන නීල පබලු ටෙලිනාට්‍යය අපේ ආලින්දයට සිරස නාලිකාව හරහා දැක ගන්න පුලුවන්.

ඉතින් සුමිරාන් සහ ටනාශගේ මිත්‍රත්වය නිසාම ටනාශගෙ සැමියා ගැන තොරතුරු ඇය අසා දැන ගන්නෙත් සුමිරාන් විසින්මයි. ඉතින් ඔවුන් ශූටින් අතරතුරදී සිදුවන මිහිරි මතකයන් ගැන මේ විදියටයි සුමිරාන් එක්තරා රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මීට දවස් පහකට කලින් ටනාශයි මමයි රගපාන නාට්‍යයක වැඩ කරනකොට අපිට එහෙන් හම්බවෙනවා තේ බොනකොට රෝල්ස්. ඉතින් ටනාශා ඒ රෝල්ස් එක ටිශූ එකක ඔතාගෙන ඇවිත් මට දෙන්න හැදුවා. මම ඉතින් කිව්වා දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා රුපියල් 100ක රීලෝඩ් එකක් දැම්මොත් දෙනවා කියලා මම කිව්වා තියා ගන්න කියලා.”

මේ විදියටයි ටනාශා ගැන සුමිරාන් අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *