දේපළ ලියවගෙන අත්තම්මට සැලකුවේ නැති සුරූපි නිළි ටනාශට අධිකරණ නියෝගයක්
‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ කවුරුත් ආදරය කරපු කුරුළු චරිතයට රංගනයෙන් දායක වුණු ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී ටනාශා හතරසිංහ කියන්නේ. ඇගේ රංගනය අපිට නීල පබළු හරහා වගේම මේ දිනවල තවත් ටෙලිනාට්‍යයක් හරහා ඇයට ආදරය කරන රසික ජනතාවට නරඹන්න පුලුවන්. ඒ ‘නොනිමි’ ටෙලිනාට්‍යය හරහා.

ඉතින් සුරූපි නංගිලා ඉන්න ටනාශගේ විවාහ මංගල්‍ය පසුගිය දා කලා තරු පිරිවරා පැවැත්වූවා. ඉතින් මේ වන විට ටනාශා ගැන බොහොම උනන්දුවෙන් කතා කරන්නට වෙලා. ඒ ඇය ගැන සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන ප්‍රවෘත්තියක් ගැනයි. ඉතින් එහි සදහන් වෙන්නේ ටනාශා ඇගේ මිත්තනියගේ දේපළ ලියවගෙන පසුව ඇයට නොසලකා හැර සිටීමයි.
ඉතින් ප්‍රාණ භුක්තිය තබා ගනිමින් දේපළ පවරාදුන් මිත්තණියට ආදරය කරුණාව නොදක්වා ගුණමකු කමින් හැසිරුණු ටනාශාට එරෙහිව කොළඹ දිසා අධිකරණය රුපියල් මිලියන 5 ක් ද දේපළ නීත්‍යාණුකූලව පවරාදෙන තුරු මසකට රුපියල් තිස් දහස බැගින් දීමනාවක්ද මිත්තණියට ගෙවන ලෙසයි.

සිය මිත්තණියට අකාරුණික වූවා පමණක් නෙමෙයි අධිකරණය ඉදිරියේදී ගරු සරුවක් නැතිව කතා කිරීමද දිසා විනිසුරුවරිය විසින් තීන්දුවවේ සදහන් කර ඇත. ‘ ආච්චි හෘද රෝගයකින් පෙළන බව දන්නෙ නෑ. රෝගයකින් පෙළෙන බවට ආච්චි කිව්වානම් හරි, අවශ්‍යනම් ඇයට ප්‍රතිකාර ගන්න මුදලක් දෙන්න පුලුවන්. මේ නඩුව දානකම් ආච්චි දැක්කෙ හෝ හමු වුණේ නෑ” මේ විදියට විත්තිකාරිය සාක්ෂි දෙමින් සදහන් කර තිබුණා.
උපුටා ගැනීම දිනමිණ පුවත්පත