වේදිකාවෙන් කහට උගුර බීලා ජීවත් වුන කාලයක් මට තිබුණා, මට සමාජෙ ගැන කියලා දෙන්න අම්මෙක් හිටියෙ නෑ
වේදිකාව, පුංචි තිරය හා සිනමාව කියන මේ ක්ෂේත්‍රයන්හි තම දක්ෂතා පෙන්වපු ඒ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය තමයි සුසිලා කෝට්ටගේ කියන්නේ. ප්‍රහසන රංගන ශිල්පිනියන් කොතෙකුත් හිටියත් ඇයට ප්‍රේක්ෂක හදවතේ හිමි ස්ථානය අඩුවක් වෙන්නේ නෑ. ඒ තරමට ජනතා ආකර්ෂණය දිනා ගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සුසිලා කෝට්ටගේ කියන්නේ.

ඇය වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් වගේම රංගනයත් සිදු කරනවා. ඉතින් හැමදාමත් හරිම සුන්දර විදියට ජීවත් වෙන සුසිලා කෝට්ටගේ රංගන ශිල්පිනිය ඉන්න තැන හිනා සාගරයේ ගිල්වන්නට සමත්කම් දක්වන්නියක් තමයි ඇය. ඉතින් සුසිලා කෝට්ටගේ අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය විවාහ වෙලා සිටින්නේ අපේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජ්‍යෙෂ්ඨයෙක් සමගයි. ඔහුට රහල් කියනවාට වඩා ගොඩක් දෙනෙක් මෑතකදී පුංචි තිරයෙන් දුටුවේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පන්සලෙ හාමුදුරුවෝ විදියටයි.
ඉතින් කලාවට එන නවක රංගන ශිල්පීන් ශිල්පිනියන්ට ආදර්ශයක් වගේම අත් වැලක් දෙන කෙනෙක් තමයි ඇය. ඉතින් අනාගත පරපුර සමග රංගනය කරන්නටද අවස්ථාව ලැබුණ ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඇය අතීතයේ විදපු දුක් ගැන මේ විදියටයි සිහිපත් කලේ.

” මම තනියම මේ මහා කුරිරු සමාජයට ආවේ. මට මග පෙන්වන්න අම්මා හිටියෙ නෑ. මම තනියම ආපු ගමනක් මේක. කියන්න ලැජ්ජා නෑ. වේලක් කාලා හිටපු කාල තිබුණා. ඒ වගේම වේදිකාවෙන් දුන්න කහට එක බීලා ජීවත් වුණා. එහෙමයි මම මේ ගමන ආවේ.”
මේ විදියටයි සුසිලා කෝට්ටගේ අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය ඇගේ අදුරු අතීතය ගැන කියලා තිබුණේ.