Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අද කාලේ ළමයි හැමදේම ෆේස් බුක් දානවා, ඇදට නගින එක විතරයි තව දාන්නැත්තේ

වේදිකාව, පුංචි තිරය සහ සිනමාව කියන මේ හැම ක්ශේෂ්ත්‍රයකම අති දක්ෂතා පෙන්නුම් කරපු කෙනෙක් තමයි ප්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ කියන්නේ. ඇය රංගනය කල ටෙලිනාට්‍යය, චිත්‍රපට, වේදිකා නාට්‍යය ගණන් කරන්න නොහැකි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මීට වසර ගණනාවක සිටම අපේ ලාංකීය කලා කෙත පෝෂණය කල ඇය අද වන විටත් රූප සුන්දරත්වය මනාව පවත්වා ගනිමින් ජීවත් වෙනවා.

ඉතින් සුසිලා කෝට්ටගේ අපේ ප්‍රවීන රංගන ශිල්පිනිය විවාහ වෙලා සිටින්නෙත් කලා ලොවෙ අපි කවුරුත් ආදරය කරන ජ්‍යෙෂ්ඨයෙක් සමගයි. කලා ක්ශේෂ්ත්‍රයේ විවිධ රැගුම් පාන සුසිලා කෝට්ටගේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් විදියටත් කලා ක්ශේෂ්ත්‍රයේ දැක ගන්න ලැබුණා.

ඉතින් වර්ථමාන සමාජය මාධ්‍ය භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ යන නිසා සිදු වන සමාජයීය ප්‍රශ්න නිසා පවුල් ජීවිත වලට ඒවා බලපාන අයුරු ඇය වැඩිහිටියෙක් විදියට එක්තරා මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ මේ විදියටයි.

” අද කාලේ කවුරුහරි පවුලක් ඩිවෝස් වුන ගමන් මිනිස්සු මඩ ගහනවා. ඒකට සමාජ මාධ්‍යත් උදව් කරනවා. අපේ ඉදිරි පරම්පරාව කරන්නේ හැමදේම ෆේස්බුක් දානවා. කඩේකට ගිහින් කෑවත්, ළමයා හම්බුනත් ෆේස්බුක් දානවා. ඇදට යන ටික විතරයි තවම ෆේස් බුක් දන්නැත්තෙ. ඉතින් මේ දේවල් මිනිස්සුන්ගේ ජීවිත වලට බලපානවා පවුල් ජීවිත අවුල් වෙන්න.”

මේ විදියටයි ප්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ රංගන ශිල්පිනිය අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *