Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම අසනීප වෙලා ඉන්නකොට දුව මගේ හිත හදපු විදිය මතක් වෙනකොට මට හිනා යනවා

කලා ක්ශේෂ්ත්‍රයේ දිගු කාලයක සිට රංගනය කල ඒ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය තමයි සුසන්තා චන්ද්‍රමාලී කියන්නේ. ඇය රංගනය කල අතරම ඇගේ දියනියත් කලා ක්ශේෂ්ත්‍රයට එකතු කරගන්නේ ඉතාම යහපත් විදියට. ක්ශේෂ්ත්‍රයේ කිසිම කට කතාවකට පවා බදුන් නොවන ආකාරයෙන් කලා ක්ශේෂ්ත්‍රයේ රදා ගත් සුසන්තා චන්ද්‍රමාලි රංගන ශිල්පිනියගේ දියනිය තමයි තිසුරි යුවනිකා කියන්නේ.

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන තිසුරි ටෙලිනාට්‍යය ගණනාවක සිය රංගන දායකත්වය ලබා දුන්නද මේ වන විටනම් නිතර පුංචි තිරය හරහා දැක ගන්නට ලැබෙන්නේ නෑ. කොහොඅ නමුත් පවුලේ එකම දරුවා වන තිසුරි යුවනිකා මේ වන විට විවාහ වෙලයි සිටින්නේ.

ඉතින් පසුගිය කාලයේ මේ පවුල තුලින් අහන්න ලැබුණේ එතරම් සුබදායී දෙයක් නම් නෙමෙයි. සුසන්තා චන්ද්‍රමාලී ආදරණීය රංගන ශිල්පිනිය හදිස්සියේ අසනීපවීමත් එක්ක සමාජ මාධ්‍ය හරහාද විවිධ කටකතා හැදුනා. නමුත් පවුලේ එකම දරුවා වුනත් තිසුරි යුවනිකා අම්මව බලාගෙන හිත දිරිමත් කරපු ආකාරය ගැන මේ විදියටයි සුසන්තා චන්ද්‍රමාලි රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” මම රගපාන තැනදි විතරයි නිළිය වෙන්නෙ. ගෙදර ආවම ඔක්කොම ව්ඪ කලේ මම. ඉතින් මම ඒ කරන වැඩ ටිකම මගේ දුවත් කරන්න පුරුදු වුණා. මම අසනීප වෙලා හිටපු කාලෙදි මගේ වැඩ කරලා මාව ආදරෙන් බලාගත්තා වගේම මගේ හිතත් හදනවා. වෙලාවකට මට හිනාත් යනවා මගෙ හිත හදද්දි. කියනවා ඔයා ගනන් ගන්න එපා ඩොකටර් කිව්වා හොද වෙනවලු මේ බෙහෙත් බිව්වම කිය කියා.”

මේ විදියටයි තිසුරි යුවනිකා ගැන ඇගේ අම්මා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *