Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ගැන බොරු ප්‍රචාර යන නිසා මට ලැබෙන්න තියෙන පොඩි මුදලත් අහිමි වෙනවා

අපේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලී කියන්නේ. ඉතින් ඇය මේ වන විට කලා ක්ශේෂ්ත්‍රයේ වසර ගණනාවක සිටම විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂක අපි අතරට ආව නිසාම ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන් බොහෝයි. ඉතින් සුසන්තා චන්ද්‍රමාලී සහ ඇගේ සැමියා කුමරුට ඉන්නේ එකම එක දුවයි. ඇය තිසුරි යුවනිකා ජනප්‍රිය රංගන ශිල්පිනියයි.

ක්ශේෂ්ත්‍රයේ කිසිම කෙනෙකුගේ කතා බහකට ලක් නොවුනු සුසන්තා සහ තිසුරි කියන්නේ ක්ශේෂ්ත්‍රයේ හොද නමක් දිනා ගත් දෙදෙනෙක්. ඉතින් මේ පවුලට පසු ගිය කාලයේ මුහුණ දෙන්නට වුණේ ඔවුන් නොසිතූ දෙයක්. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනිය පිලිකා රෝගයට ගොදුරු වුණා කියලා. ප්‍රතිකාර ලබා යාථා තත්වයට පත් වුණු ඇයව නැවත එම රෝගයට ගොදුරු වෙලා කියලා ඔවුන්ට දැන ගන්න ලැබුණේ ජනවාරි මාසයේ.

ඉතින් කලින් සැරේ කාටවත් කරදරයක් නොකර ප්‍රතිකාර ලබා ගත්තත් මේ අවස්ථාවේ ඇයට අනික් අයගේ උපකාරය බලාපොරොත්තු වෙන්න වුණා. ඉතින් ඒ සදහා ඇය තම මුහුණු පොතේ සටහනක් පළ කරමින් සියලු දෙනාගෙන්ම උදව් උපකාර ඉල්ලා සිටියා. ඉතින් මේ පුවත අහන්න ලැබීමත් සමගම ඇය ගැන විවිධ පුවත් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන්න පටන් ගත්තා. ඒ ගැන සුසන්තා චන්ද්‍රමාලී එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට කියලා තිබුණේ මේ විදියටයි.

” මම ගැන එක එක දේවල් බොරු කතා සමාජ මාධ්‍යයේ ගියා. ඉතින් මම නැති වුණා කියලත් ප්‍රවෘත්තියක් ගියා. අනේ මමනම් කියන්නේ මෙහෙම කරන්න එපා කියලා. ඔයාලටත් අම්මලා නංගිලා ඉන්නවනේ. ඒ දුක දැනෙන්නේ එයාලගෙ ළගම කට්ටියට විතරයි. මම ගැන බොරු ප්‍රචාර යනකොට මට ප්‍රතිකාර වලට ලැබෙන්න තියෙන සුළු මුදලත් අහිමි වෙනවා. සමහර අය එයාලගේ නම් ප්‍රසිද්ධ කරගන්නත් මගේ ප්‍රශ්නේ සම්බන්ධ කරගත්තා. මම ඒ අයගෙ නම් කියලා එයාලා ගානට වැටෙන්න කැමති නෑ.’’

මේ විදියටයි සුසන්තා චන්ද්‍රමාලී අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇයට ඉක්මන් සුව අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *