Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට හිතා ගන්න බෑ මම නැති වුණු දවසක මගේ සැමියට මම නැතුව ජීවත් වෙන්න පුලුවන් වෙයිද කියලා

සුසන්තා චන්ද්‍රමාලී කියන ඉතා දක්ෂ රංගන ශිල්පිනිය ගැන අමුතුවෙන් හදුන්වා දෙන්නට අවශ්‍ය නෑ. ඒ තරමටම ඇය රංගනය කල කලා නිර්මාණ හරහා අතිශය ජනාදරයට පාත්‍ර වුණු කෙනෙක් තමයි ඇය. ඉතින් සුසන්තා චන්ද්‍රමාලිගේ ආදරණීය එකම දියනිය තමයි තිසුරි යුවනිකා. ඉතාම හැදියාවක් සහිතව කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න තිසුරි මෑතකදී විවාහ වුනා.

ඉතින් මේ දිනවල සුසන්තා චන්දිමාලී දක්ෂ රංගන ශිල්පිනිය ගැන හැමෝම කතා වෙන්නේ ඇය නැවතත් පිළිකා රෝගයට ගොදුරු වෙලා නිසා. ඉතින් ඒ නිසාම යම් කිසි ආර්ථික අපහසුතා නිසා ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන් ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් පළ කරන නිසාම ඇය නැවත අසනීප වූ බව හැමෝම දැනගන්නවා.

ඉතින් සුසන්තා චන්ද්‍රමාලී කියන්නේ ඇගේ හයියට සැමියා කුමරු සහ දියනිය තිසුරි ඇතුලු පවුලේ සියලුම දෙනාත් ප්‍රේක්ෂකයන් සියලුම දෙනාත් ඇයත් එක්ක ඉන්නවා කියලා. ඉතින් ඇගේ සැමියා ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී සුසන්තා චන්ද්‍රමාලී ප්‍රවීන රංගන ශිල්පිනිය අදහස් දක්වලා තිබුණෙ.

” මම මගේ වෘත්තීයට ගොඩක් ආදරෙයි. මම මුල ඉදන්ම හිතන් හිටියේ මැරෙනකම්ම රගපානවා කියලා. නමුත් දැන් රගපාන්න බැරි වුනත් හොද වුනාම අපහසු නැති නිදහසේ රගපාන්න පුලුවන් එකක් හම්බුනොත් යනවා කියලා. මගේ සැමියා කුමරුට මම නැතුව ඉන්න බෑ. එයාට කිසි වැඩක් තනියම කරගන්න බෑ. එයා දැන් රැකියාවට යන්නෙ නෑ. උදේ ඉදල රෑවෙනකම් රෑ ඉදලා එලිවෙනකම් හැම වෙලේම මම එක්ක ඉන්නේ. මට හිතාගන්න බෑ මම නැතිද දවසක මෙයා මාසයක් දෙකක්වත් ඉදියි කියලා.’’

මේ විදියටයි සුසන්තා චන්ද්‍රමාලී රංගන ශිල්පිනිය අදහස් දක්වලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *