Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ෆේස්බුක් එකේ සටහන දාන්න හදනකොට සැමියයි දුවයි එපා කිව්වා, එයාලට හොරෙන් දැම්මේ

ලංකාවේ ජනප්‍රිය කලා ශිල්පිනියක් වන සුසන්තා චන්ද්‍රමාලිගේ කලා ජීවිතයට මේ වන විට වසර 35කටත් ආසන්න කාලයක් වෙනවා. ඉතින් ඒ කාලය තුළ කලා ක්ශේෂ්ත්‍රයේ විවිධ නිර්මාණ හරහා දැක ගන්න ලැබුණු ඇය මේ වන විට අසනීප තත්වයකින් පසුවෙනවා. පසුගිය කාලයේ අසනීප වුණු ඇය ප්‍රතිකාර නිසා සුව අතට පත් වුණත් නැවත අසනීප තත්වයට පත් වෙලා කියලයි අහන්න ලැබුණේ.

ඉතින් හරිම ආදරයෙන් ජීවත් වෙන පුංචි පවුලේ හුරතලිය වයසට ගියත් අම්මගෙ චූටි දුව තිසුරි යුවනිකා ඇගේ අධ්‍යාපනය සදහා ඇය විදෙස් ගත වෙලයි සිටින්නේ. ඉතින් සමාජ මාධ්‍ය වගේම කලා ලොවේ බොහෝ දෙනාද ඇගේ මේ තත්වය ගැන මේ වන විට කතා කරනවා. ඉතින් කාටවත් කරදර නොකර මේ ප්‍රශ්නය විසදගන්න හැදුවත් එය කරන්න බැරි වුණු නිසා සුසන්තා චන්ද්‍රමාලී ඇගේ මුහුණු පොතේ සටහනක් පළ කලා. ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” 2023 වසර උදා වෙනවත් එක්ක මම ආයෙත් අසනීප වුනා කියලා අහන්න ලැබුණා. මේ වෙනකොටත් මම ප්‍රතිකාර ලබමින් ඉන්නේ. ඉතින් ඒකට යන වියදම දරාගන්න බැරි නිසා මම ෆේස් බුක් එකේ සටහන දාන්න හැදුවේ. ඊට පස්සේ මගේ දුවයි හස්බනුයි දෙන්නම එපා කිව්වා ෆේස්බුක් එකේ දාන්න. මම ඒ දෙන්නට නොකියා තමයි දැම්මේ. දාලා විනාඩි දහයක් ගියේ නෑ. හැමෝම මට කතා කලා. මම හිතුවා මට ආදරය කරන පිරිසක් ඉන්නවනේ කියලා.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනිය සුසන්තා චන්ද්‍රමාලී ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇයට නිරෝගි සුවය අපිත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *