මගේ වයිෆ් ලීක්ස් ගෙනාවම ඒවගෙ මුල කොටස හිටවනවා, අපේ පඩිපෙලේ පවා වගා කරලා තියෙන්නේ
ප්‍රේක්ෂකයාව සිනහසාගරයේ ගිල්වන්නට සමත්කම් දක්වන රංගන ශිල්පීන් අතරින් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් තමයි සුරංග සතරසිංහ කියන්නේ. ඔහු ප්‍රහසන රංගන ශිල්පියෙක් විදියට කා අතරත් ආදරය ලබා ගන්නට සමත්කම් දක්වනවා. ඉතින් සුරංග සතරසිංහ මේ ආදරණීය රංගන ශිල්පියාගේ පුතා ගැනත් අපේ කලාවට ආදරය කරන රසිකයාට අමුතුවෙන් හදුන්වා දෙන්නට අවශ්‍ය නෑ.

ඒ ඔහුත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් නිසාවෙන්. කඩවසම් තාරුණ්‍යයේ ඉන්න හැමෝගෙම ආදරය ලැබෙන ඔහු සංගීත් සතරසිංහ. තාත්තගේ කලා ආභාෂය ඒ විදියටම පුතාටත් පිහිටලා නිසා ඔහුත් රංගන ක්ශේෂ්ත්‍රය තුළ තම දක්ෂතා පෙන්නුම් කරනවා. ඉතින් සුරංග සතරසිංහව ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයාට පුංචි තිරය හැරුනාම දැක ගන්නට පුලුවන් ඔහුගේ පුත් සංගීත් කරගෙන යන යූ ටියුබ් නාලිකාව හරහා.
සුරංග සතරසිංහ සහ ඔහුගෙ බිරිදත් ඉතාම සහයෝගයෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඔවුන්ගේ පවුල හරිම එකමුතුකමින් ජීවත් වෙන බැව්ද අපිට සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට පුලුවන්. ඉතින් සුරංග සතරසිංහ ඔහුගේ බිරිදගේ වගා කිරීම ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” අපේ වයිෆ් තමයි ලීක්ස් 500ක් ගෙනාවම කිලෝවක් කරන විදිය හදුන්වලා දුන්න කෙනා. ඉතින් එයා කරන්නේ ලීක්ස් ගෙනාවම ඒවගේ මුල කොටස කපලා හිටවන්න අරන් උඩ කොටස උයනවා. අර මුල කොටස හිටවපුවහම ඒවා අර ගෙනාව ඒවා වගේම හොදට හැදෙනවා. වෙන ගෙවල්වල පඩි පෙලේ යන්නේ කෙලින් අතටනේ. අපේ පඩිපෙලේ යන්න වෙන්නෙ ඇදේට. මොකද පඩිපෙල පුරාම වගා කරලා තියෙන්නෙ.”
මේ විදියටයි සුරංග සතරසිංහ අදහස් දක්වලා තිබුණේ.