මම වැරදි වැඩක් කරලා තාත්තා කෝටුව ගේන්න කලින් මට මූත්‍රා ගියා
සංගීත ක්ශේෂ්ත්‍රය තුළ කාලෙන් කාලෙට නවක තරු බිහිවෙනවා. ඉතින් ඒ විදියට බිහි වුණ හරිම ආකර්ෂණීයව ප්‍රේක්ෂකයාට ගායනා කරන ඔහු ජනප්‍රිය ගායන ශිල්පී සුපුන් පෙරේරා. සුපුන් කියන්නේ මේ දිනවල සංගීත ක්ශේෂ්ත්‍රය තුළ ඉතාම කාර්යබහුල චරිතයක්. දෙස් විදෙස් ප්‍රසංග සදහා ඔහු සහභාගි වෙනවා අපි ඔහුගේ සමාජ මාධ්‍ය හරහාත් නිතරම දකිනවා.
ප්‍රාතිහාරී, සෙනෙහස් අවාරේ, ප්‍රේම චායා, සුරත් සුවය, රාධාවනී වැනි ඔහුගේ ගීත ගණනාවක්ම ප්‍රේක්ෂකයා අතර ඉතාම ජනප්‍රිය ගීතයන්. නාදෙන් ගීතයටත් බොහෝ රසික පිරිසක් ආදරය කරනවා. ඉතින් සුපුන් පෙරේරගේ සංගීත ජීවිතය ගැන හැමදෙනාම දැනගෙන සිටියත් ඔහුගෙ ගෙදර ගතකල ළමා කාලයගැන ගොඩක්දෙනා නොදන්න දේ ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි.

” මගේ ගෙදර අයියලා දෙන්නයි අක්කලා දෙන්නයි අම්මයි තාත්තයි හිටියේ. තාත්තා දැන් ජීවතුන් අතර නෑ. මගේ ලොකු අක්කයි මමයි අතර වයස පරතරය අවුරුදු 11ක් විතර. මම තමයි ගෙදර බාලයා. ඒ නිසා හැමෝගෙම හුරතලේ එක්ක මම හැදුනේ. අපේ අම්මා මාව හුරතල් කරලා හදලා තියෙන්නෙ. නමුත් අපේ තාත්තට ඒවා අදාල නෑ. එයාට හැමෝම එකයි. එයා ටිකක් සැරයි. වැඩිය කතා බහ කරන කෙනෙක් නෙමෙයි එයා.
එක දවසක් මම අපේ පවුලේ ළමයි ටිකක් එක්ක මොකක් හරි වැරැද්දක් කලා. හැමෝම පෝලිම් කලා. එයාට පිට ළමයි කියලා ගානක් නෑ. තාත්තගේ කෝටුවක් තිබුණා. ඒක ගේනකොට මට මුත්‍රා ගියා. කොහොමත් එහෙමයි. ඒ තරමට මට බය හිතෙනවා.”

මේ විදියටයි ජනප්‍රිය ගායන ශිල්පී සුපුන් පෙරේරා ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.